April 19, 2024

ජනතාවට පාන් කියා ගන්නත් බැරි වෙයි - ඊළඟ පෝලිම මෙන්න

ප්‍රමාණවත් පරිදි තිරිඟු පිටි නොලැබීම හේතුවෙන් ඉදිරියේදී පාන් හිඟයක් ඇති විය හැකි බවට බේකරි හිමියන් අනතුරු අඟවනවා.

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

"අද වෙනකොට බේකරි හිමියාට පාන් පිටි ලැබෙන්නේ 50%යි. බේකරි හිමියන් වැඩ කරන්නේ සතියට දවස් තුනයි. වැඩිම වුණොත් දවස් 4යි. රෝස් පාන් නිෂ්පාදනය කරන එකෙන් ගොඩක් දෙනෙක් මේ වෙනකොට ඈත් වෙලා තියෙනවා. ඒවට පිටි ගොඩක් ප්‍රමාණයක් වැය වෙලා තියෙනවා. ඉදිරියේදී විශාල පාන් හිඟයක් ඇති වෙන්න පුළුවන්. ඊයේ දිනයේදී පිටි සමාගම් සමඟ සාකච්ජාවක් පැවැත්වුවා. ඒගොල්ලෝ කියන්නේ අපිට ඕනේ තරම් පිටි දෙන්න පුළුවන් ප්‍රශ්නේ තියෙන්නේ ඩොලර් වල කියලා. ඉතා ඉක්මනින් මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. නැත්තම් විශාල අර්බුධයකට මුහුණ දෙන්න වෙනවා. පෝලිමේ ගිහිල්ලාවත් පාන් ගෙඩියක් ගන්න බැරි තත්වයකට ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා."

මේ අතර තිරිඟු පිටි කිලෝවක් රුපියල් 150 කට නිල නොවන මට්ටමින් අළෙවි කරන බවත් රට තුළ පවතින තිරිඟු පිටි හිඟය හේතුවෙන් වැඩි මිලට පිටි මිලදීගෙන බේකරි කර්මාන්ත පවත්වාගෙන යෑමට නොහැකි බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවා.

තිරිඟු පිටිවල පාලන මිල ඉවත්කිරීමෙන් පසු පිටි කිලෝවක් රුපියල් 115 කට පැවතුණ ද ඉන්දියාවෙන් ආනයනය කරන නව තිරිගු පිටි වර්ගයක් වැඩි මිලට අළෙවි කරන බව කී ජයවර්ධන මහතා මෙම තත්වය හමුවේ රට තුළ ඉදිරියේ පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල හිඟයක් ඇතිවිය හැකි බව ද සඳහන් කළා.

මේ දිනවල ගෑස් පෝලිම්, කිරිපිටි පෝලිම්, භූමිතෙල් පෝලිම් සහ හාල් පෝලිම් පවතින පසුබිමක අලුත්ම පෝලිම පාන් පෝලිමද?

Rate this item
(0 votes)
Last modified on Wednesday, 12 January 2022 11:09