April 20, 2024

අලුත් ගෑස් වලට අලුත් මිලක්

December 26, 2021

සංයුතිය සටහන් කරන ලද කිලෝ 12.5කින් යුත් ගෑස් සිලින්ඩරයක් රු.3500කට අලෙවි කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව හැටන් නගරයේ ගෑස් පාරිභෝගිකයන් චෝදනා කර සිටිනවා.

ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් වෙත සමාගම විසින් නිකුත් කරනු ලබන ගෑස් සිලින්ඩර අලෙවි නියෝජිත වෙලදසැලේ ගබඩා නොකර ඇතැම් අලෙවි නියෝජිතයන් එම ගෑස් සිලින්ඩර් ලොරි රථ වල පටවා හැටන් ප්‍රදේශයේම එම අලෙවි නියෝජිතයන්ගේ නිවාස වල සහ ගබඩා වල තොග වශයෙන් ගබඩා කර ත්‍රිරෝද රථකරුවන් හරහා මෙම ජාවාරම සිදු කරන බවයි පාරිභෝගිකයන් කියා සිටින්නේ.

කිලෝ 12.5 බරකින් යුත් නව සංයුතිය සටහන් කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රු.2765 මිලකට අලෙවි කිරිමට තිබියදි හැටන් ප්‍රදේශයේ ඇතැම් ගැස් අලෙවි නියෝජිතයන් ඔහුන්ට හිතවත් ත්‍රිරෝද රියදුරන් කිහිප දෙනෙකු හරහා ඇණවුම ලබාගෙන එම ත්‍රිරෝද රථයේම ගෑස් සිලින්ඩරය නිවසටම ප්‍රවාහනය කර ගෑස් සිලින්ඩරය සදහා රු.3500 ක් සහ ත්‍රිරෝද රථ කුලිය වෙනම අය කරන බවයි හැටන් ප්‍රදේශයේ ගෑස් පාරිභෝගිකයන් කියා සිටින්නේ.

වෙලදපොලේ පවතින ගෑස් හිගයත් සමග ලිට්‍රෝ ගෑස් අලෙවි නියෝජිතයන් වැඩි ලාභයක් උපයා ගැනිමේ අරමුණින් මෙම ජාවාරම සිදු කරන බවත්, එම අලෙවි නියොජිත වෙලදසැල් ඉදිරිපිට ගෑස් නොමැති බවට සදහන් කරමින් අලෙවි නියෝජිත වෙලදසැල වසා දමා වෙනත් ස්ථානයක සිට ගෑස් වැඩි මිලට අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටින බවයි පාරිභෝගිකයන් වැඩි දුරටත් කියා සිටියේ.

මේ අතර සංයුතිය සටහන් කරන ලද ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලිට්‍රෝ සමාගම විසින් බගවන්තලාව නගරයේ අලෙවි නියෝජිතයන් වෙත (26) දින අලුයම බෙදා හරිනු ලැබුවා.

එම සමාගම විසින් අලෙවි නියෝජිතයන්ට ඉතා සිමිත ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් පමණක් බෙදා දෙන අයුරු අප කැමරාවේ සටහන් වුණා.

බගවන්තලාව නගරයට නව සංයුතිය සටහන් කරන ලද ලිට්‍රෝ ගෑස් ප්‍රථම වතාවට බෙදා හැරිම සිදු කල අතර, හැටන්, මස්කෙලිය ඇතුළු ප්‍රධාන නගර කිහිපයකම දින ගණනාවක සිටම ලිට්‍රෝ ගෑස් තොග බෙදා නොහැරිම නිසා එම අලෙවි නියෝජිත වෙලදසැල් මේ වන විට වසා දමා තිබෙනවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 28 December 2021 01:15