April 20, 2024

‘සිලෝන් ටී’ නමත් ඉවරයි - ලෝකයේ ඉල්ලුමත් අඩුයි

December 13, 2021

මෙරට තේ අස්වැන්නේ ගුණාත්මක භාවය අඩු වීම හේතුවෙන් ලෝක වෙළඳපොලේ ශ්‍රී ලංකා තේ සඳහා ඇති ඉල්ලුමට දැඩි තර්ජනයක් එල්ල වෙමින් ඇතැයි තේ මණ්ඩලයේ හිටපු සභාපති ලුසිල් විජේවර්ධන මහතා සඳහන් කරනවා.

තේ වගාව සදහා රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් මෙරට තේවල ගුණාත්මකභාවය අඩු වී ඇති බව ද ඔහු පැවසුවා.

එමෙන්ම තේ නිෂ්පාදනයේ දී කසල තේ ප්‍රමාණය ඉහළ යාමේ තත්ත්වයක් පවතින බවද ඔහු කියා සිටියා.

තේ කර්මාන්තයට අවශ්‍ය රසායනික පොහොර ආනයන තහනම ඉවත් කළ ද ප්‍රමාණවත් පොහොර තොග මේ වන විට වෙළෙඳ පොළේ නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

Rate this item
(0 votes)