December 03, 2021

ආහාර හිඟය අතලඟ! රටවල් රැසක් ලංකාවට ආහාර සැපයීමට සීමා පනවයි

November 23, 2021

ඉදිරියේදී රටෙහි ආනයනික ආහාර ද්‍රව්‍ය හිඟයක් මෙන්ම ඒවායේ මිල ඉහළ යාමක්ද, අපේක්ෂා කළ හැකි බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

රටේ පවතින උග්‍ර ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන විදේශ සමාගම් මෙරටට භාණ්ඩ සැපයීම සීමා කිරීම නිසා මේ තත්වයට මුහුණ දීමට සිදුවන බවයි වාර්තා වෙන්නේ.

එම සංගමයේ ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළේ මෙරට බැංකු ණයවර ලිපි නිකුත් කිරීම සීමා කිරීම නිසා දැනටමත් වරාය පරිශ්‍රයේ තුළ නිදහස් කර ගැනීමට නොහැකිව අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් බහලුම් 1000 ඉක්මවා පවතින බවයි.

මෙතෙක් මෙරටට භාණ්ඩ ලැබීමෙන් පසු (DP ක්‍රමය යටතේ) මුදල් ලබාදීමට එකඟ වී තිබුණද ශ්‍රී ලංකාවේ තුළ ඩොලර් හිඟයක් පවතින බවට ජාත්‍යන්තර පුවත් නිර්මාණය වීම මෙරට බැංකු ආයතන කෙරෙහි තබා තිබූ විශ්වාස නැතිවී තිබෙන බවද අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසනවා.

මෙරටට ආහාරද්‍රව්‍ය සපයන ඔස්ට්‍රේලියාව, ඉන්දියාව, චීනය, සිංගප්පූරුව සහ පාකිස්තානය ඇතුළු රටවල සමාගම් මෙලෙස සීමා පැනවීම කර තිබෙන බව එම සංගමය පෙන්වා දෙනවා.

වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ මැදිහත්වීමෙන් අවශ්‍ය ඩොලර් ලබාදෙන ලෙසට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉල්ලීමක් කර ඇති අතර එසේ නොමැති වුවහොත් ඉදිරියේදී රටේ භාණ්ඩ හිඟයක් නිර්මාණ නිර්මාණය වී මිල ඉහළ යාම වළක්වාගත නොහැකි බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා සඳහන් කළා.

කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය පොහොර නොමැති වීම හා ආපදා තත්ත්වය හේතුවෙන් වෙළෙඳපොළ වෙත එළවළු ​නොලැබීමෙන් මතුව ඇති අර්බුදය නිසා ඉදිරියේදී ආනයනික අර්තාපල් සහ පරිප්පු සඳහා ඉල්ලුම් ඉහළ යාමට ඉඩ ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ආහාර තොග රැස්කර නොගත්තොත් දැනට පවතින මිලට වඩා තවත් මිල ඉහළ යා හැකි බව මෙහිදී ආනයනකරුවන් රජයට අනතුරු අඟවනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය සඳහා අවම වශයෙන් මසකට ඇමරිකානු ඩොලර් මිලියන 100ත් 110ත් අතර මුදලක් වැයකරනු ලබයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 November 2021 12:50

2022 අයවැය දෙවනවර කියවිමේ පාර්ලිමේන්තු විවාදය