April 19, 2024

පොහොර ගැටලුව විසඳා ගන්න හැටි චීන තානාපති කියයි

November 14, 2021

ශ්‍රී ලංකා චීන තානාපති චී.ෂෙන්ග්හොන්ග් මහතා අද (14) මහනුවරට පැමිණ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදැක තිබුණා.

ශ්‍රී ලංකා චීන තානාපතිවරයා එහිදී චීන කාබනික පොහොර ගැටලුව සම්බන්ධයෙන් අදහස් පළ කළා.

ඔහු එහිදී සඳහන් කළේ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවක් බවට එය පත්කර ගතයුතු නැති බවත්, එය වාණිජ වශයෙන් විසඳා ගතයුතු බවත්ය.

එහිදී ඒ මහතා මෙසේ සඳහන් කළා,

"මට අවබෝධ වෙලා තියෙනවා පොහොර අර්බුදය පිළිබඳව දැඩි අවධානයක් යොමුවෙලා තියෙනවා කියලා. මගේ පුද්ගලික මතය තමයි කාබනික පොහොර අර්බුදය වාණිජමය ගැටලුවක්. මම කනගාටුවට පත්වෙනවා. ඇතැම් ශ්‍රී ලාංකික පිරිස් මේ ගැටලුව ව්‍යාකූල කිරීමට මෙය දේශපාලනීකරණයට ලක්කිරීමට තැත් කිරීම පිළිබඳව. මට දැනගන්න ලැබිලා තියෙනවා චීන සමාගම සහ ශ්‍රී ලංකාව ගිවිසුමකට එළඹිලා තියෙනවා නිෂ්පාදනයේ තත්ත්වය පරීක්ෂා කිරීමට තුන්වන පාර්ශ්වයක පරීක්ෂණයක් සිදුකරන්න."

Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 November 2021 08:22