April 25, 2024

ජනතාවට එලොව පොල් පෙනෙයි! පොල් මිලත් ඉහළට

November 13, 2021

මේ දිනවල වෙළඳපොලේ පොල් ගෙඩි හිඟයක් හට ගෙන තිබෙනවා.

කොළඹ ඇතුළු ප්‍රදේශ රැසක එම පොල් හිඟය පවතින බවයි වාර්තා වන්නේ.

පවතින වර්ෂාව හමුවේ පොල් ලෙලිගැසීම සහ ප්‍රවාහනයට බාධා මතුවීම මීට හේතුව බව ද වෙළෙඳුන් පෙන්වා දෙනවා.

මේනිසා පොල් හිඟය හේතුවෙන් පොල් මිල ගණන් ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ පොල් ගෙඩියක වෙළඳපොල මිල මේ වනවිට රුපියල් 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Monday, 15 November 2021 00:33