March 29, 2024

කොරෝනා වලින් පසු පළමු බංගලාදේශ සංචාරකයන් පිරිස කටුනායක ගුවන් තොටුපළට (PHOTOS)

ලොව පුරා කොරෝනා වසංගතය පසුගිය වසරේ පැතිර යාමත් සමග ඇණහිට තිබූ බංගලාදේශ සංචාරකයන්ගේ පැමිණීම යළිත් ආරම්භ කරමින්, පළමු බංගලාදේශ සංචාරකයන් පිරිස ඊයේ (30) කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.

බංගලාදේශ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්න්ධ 50 දෙනෙකුගෙන් සමන්විත සංචාරකයන් පිරිසක් එසේ ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණ තිබුණි.

මෙම පිරිස ඊයේ පස්වරු  01.36 ට බංග්ලාදේශයේ ඩකා නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 200 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය සහ ජෙට් වින්ග් ආයතනය මෙම සංචාරය සංවිධානය කර තිබුණි.

දින 04 ක සංචාරයක් සදහා මෙම පිරිස අහුන්ගල්ල , මාදු ගඟ , පින්නවල සහ කොළඹ නගරයේ සංචාරය කිරීමට සැළසුම් කර තිබේ.

( කටුනායක ටී.කේ.ජී.කපිල )

Rate this item
(0 votes)