April 19, 2024

මහජන බැංකුවෙන් සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලට වෛද්‍ය උපකරණ

මහජන බැංකුවේ 60 වැනි සාංවත්සරික සැමරුම් සමාජ සත්කාර වැඩසටහන් මාලාව යටතේ මහජන බැංකු නිලධාරීන්ගේ සංගමය විසින් පේරාදෙණිය" සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ පිරිනැමීමට පසුගියදා කටයුතු කළේය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු" සිරිමාවෝ බණ්ඩාරනායක විශේෂිත ළමා රෝහලේ කොවිඩ් ඒකකයේ ප්‍රධානී" ළමා ශ්වසන රෝග පිළිබඳව විශේෂඥ වෛද්‍ය අරුණ හේරත්" රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර" වෛද්‍ය සමිත මුණවීර" මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ- මහින්ද පේ්‍රමනාත්" අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන" මහනුවර ප්‍රාදේශීය කළමනාකාර බුද්ධික රණතුංගගේ" පේරාදෙණිය ශාඛා කළමනාකාර කේ.එම්.පී.පී කුලතුංග සහ රෝහල් කාර්ය මණ්ඩලය සහභාගි වූහ.

මහජන බැංකුවේ 60 වැනි සාංවත්සරික සැමරුම් සමාජ සත්කාර වැඩසටහන් මාලාව යටතේ මීට පෙර කොළඹ සහ මහනුවර ජාතික රෝහල් වල කොවිඩ් 19 අධි සත්කාර ඒකක සඳහා ජංගම අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍රයක් පිරිනැමීමට මහජන බැංකුව කටයුතු කරන ලදි.

Rate this item
(0 votes)
Last modified on Friday, 29 October 2021 15:23