April 20, 2024

හම්බන්තොට දිස්ත්‍රික්කයට එන සුපිරි අධිවේගී මෝටර් රථ ධාවන පථය

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුපිරි අධිවේගී මෝටර් රථ ධාවන පථයක් ඉදි කිරීමට යන බවට පුවතක් පළවී තිබෙනවා.

ඊට අදාළ සාකච්ඡාවන්ද ආරම්භ වී ඇති බවට මෙරට ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි පුවත්පතක් රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් වාර්තා කර තිබෙනවා.

මෙලෙස ඉදි කිරීමට යන්නේ ලෝකයේ අතිශයෙන් ජනප්‍රියත්වයට පත්ව ඇති "F1 (Formula 1)" හෙවත් ‍ ෆෝමියුලා කාර් රථ තරඟ වදින ගොන්ප්‍රී ධාවන පථයකි.

මෙම සාකච්ඡා සිදුවන්නේ ජපානය සහ ස්පාඤ්ඤ ආයෝජකයන් සමඟ බවටත් සඳහන් වෙනවා.

රජයේ ඉඩමක කිලෝ මීටර් 5.6ක දුරකින් යුතු ගොන්ප්‍රී රේසිං ධාවන පථයක් මෙලෙස ඉදි කිරීමට යෝජිත බවද වාර්තා වෙනවා.

එමෙන්ම මෙම ධාවන පථය සඳහා දේශීය සම්පත් සහ විශේෂඥ දැනුම උපයෝගී කරගැනීමට අරමුණු කරගෙන ඇති අතර තරඟාවලි සඳහා සහභාගී වන සුපිරි කාර් රථ හම්බන්තොට වරායෙන් ගොඩ බෑමටත්, තරඟ සඳහා සහභාගී වන්නන් මත්තල ගුවන්තොටුපොළ හරහා ගෙන ඒමටත් මෙහිදී අරමුණු කරගෙන තිබෙනවා.

මෙය ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙසයි ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 26 October 2021 10:51