April 23, 2024

තෙල් අවුලෙන් ගොඩ එන්න ඕමානයෙන් ණයක්

ඉන්ධන ආනයනය කිරීම සඳහා ඕමානයෙන් ඩොලර් මිලියන 3,600ක ණයක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

මෙම ණය මුදලට අමතරව ඉන්ධන ආනයනට ඩොලර් මිලියන 500 ක ණයක් ඉන්දියාවෙන් ලබාගැනීමට සූදානමින් සිටින බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එය භාණ්ඩාගාරයේ අනුමැතියට යොමුකර ඇති බව ද සඳහන් කළා.

මේ මාසය සඳහා ඉන්ධන ආනයනයට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාදීමට මහ බැංකු අධිපතිවරයා පොරොන්දු වී තිබෙන බවත් මෙම තත්වය හමුවේ රටේ ඉන්ධන හිඟයක් ඇති කිරීමට විපක්ෂය මැවූ සිහිනය කිසිසේත්ම ඉටුනොවන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 October 2021 22:29