March 29, 2024

භානුක හරිස්චන්ද්‍ර ICTA හි අධ්‍යක්ෂ මණ්ඩලයට

ඩිජිටල් උපදේශන ආයතනයක්වන සර්ජ් ග්ලෝබල් හි Surge Global නිර්මාතෘ සහ ප්‍රධාන වර්ධන නිලධාරි භානුක හරිස්චන්ද්‍ර මහතා ශ්‍රීලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ICTA අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත්කර ඇතිබව එම ආයතනය නිවේදනයක් නිකුත්කරමින් කියාසිටියි.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය මෙහෙයවන ප්‍රධානතම ආයතනය ලෙස වර්තමානයේ ආරම්භ කර ඇති කාර්යයන් වේගවත්ව ඉදිරියට ගෙනයාම සදහා ඔහුගේ දායකත්වය අපේක්‍ෂා කෙරේ.

භානුක හරිස්චන්ද්‍ර මහතා ආරම්භ කල සර්ජ් ග්ලෝබල් ආයතනය අලෙවිකරණ දත්ත සහ තාක්‍ෂණය තුළින් ගෝලීය ව්‍යාපාර පරිවර්‍තනයකිරීමට හා වර්ධනයකිරීමට උපකාරී වේ.

භානුක තමාවිසින්ම ගොඩනගාගත් ව්‍යවසායකයෙක් වන අතර ව්‍යාපාරකරණයේදී ක්‍රමවේදයන් සකස් කිරීම් සදහා අත්හදා බැලීම් හා අනුවර්තනයවීම් විශ්වාස කරයි. ඔහුගේ මාධ්‍ය සහ තාක්‍ෂණික ජීවිතය ආරම්භ වූයේ වයස අවුරුදු 19 දී යූ ටියුබ් බහුමාධ්‍ය නාලිකාවක් දියත්කිරීමෙනි.

එමගින් 600 කට අධික අන්තර්ගත නිර්‍මාණකරුවනට අදායම් මාර්ග සැකසීමට සහ බිලියන භාගයක් පමණ ඊ -ක්‍රීඩා වීඩියෝ දර්ශන ලෝලීන් එක්කරගැනීමට හැකිවිය.

2018 දී ඩොලර් බිලියන ගණනක ටවිස්ටොක් සමූහයෙන් ආයෝඡනයක් ලබා ගැනීමට සර්ජ් ග්ලෝබල් සමත් විය. පසුගිය වසර 5 තුළ භානුක ඩොලර් බිලියන ගණනක් වටිනා ඇමරිකානු ස්මාර්ට් නගර උපායමාර්ගය සාර්ථකව මෙහෙයවීමට ප්‍රමුඛත්වය ගන්න ලදී.

ඕස්ට්‍රේලියාවේ පැරණිතම මෙහෙයුම් සමාගමක් සදහා ප්‍රමුඛ පෙළේ විශ්ලේෂණ මෘදුකාංගයක් ද නිර්මානය කිරීමටද ඔහුට හැකිවිය. තාක්ෂන අතින් වේගයෙන් වර්ධනය වන රටක් ලෙස ශ්‍රී ලාංකික නාමයන් රැසක් අන්තර්ජාතික තලයට  ගෙනයමින් ඩොලර් මිලියන ගණනක් සාර්ථකව උපයාගනිමටද නායකත්වය දීමට ඔහුට හැකිවිය.

භානුක හරිස්චන්ද්‍ර මහතා කීර්තිමත් TED x කථිකයෙකු වන අතර ඩිජිටල් අවකාශය තුළ ඔහුගේ දායකත්වයට ඉහල පිළිගැනීමක්  ලැබී තිබේ. එය 2021 දී ආසියාවේ ෆෝබ්ස් සඟරාවේ ’30 Under 30' ලෙස ඔහුගේ නම සටහන්ව ඇත.

ඔහුගේ නව පත්වීම පිළිබඳව අදහස් දක්වමින් භානුක හරිශ්චන්ද්‍ර ප්‍රකාශ කළේ  “ඩිජිටල් අත්දැකීම දැන් අපගේ ජිවිතයේ කොටසක් බවට පත්ව තිබේ. තාක්‍ෂණය සහ එ සම්බන්ද වේදිකාවන් අන්තර්ජාතික ප්‍රමිතිට අනුකුලව ඉදිරියට ගෙනයාම සදහා ශ්‍රී ලංකාව ඉදිරියෙහි කලයුතු කාර්ය රැසක් තිබේ. ඒ සදහා සහාය වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ICTA කොටස්කරුවකු වීමට ලැබීම ගැන මම සතුටු වෙමි. එම වෙනස තුලින් සියලු දෙනාගේම ඩිජිටල් ජීවිතය යම් තරමකින් හෝ යහපත් කීරිම සදහා දායක වීමට හැකිවනු ඇතැයි විශ්වාශ කරමි."

Rate this item
(0 votes)