April 24, 2024

SDB බැංකුව ඩිජිටල් පෙරළිය සමඟ ඉදිරියටම

SDB බැංකුව නව ප්‍රචාරණ ව්‍යාපෘතිය පසුගියදා සියළු මාධ්‍ය හරහා දියත් කෙරිණි.

එහි තේමාව වන්නේ ඔබව වටින (#WhereYouAreValued) යන්නයි. මෙම ප්‍රචාරණ ව්‍යාපෘතිය හරහා සමස්ත ශ්‍රී ලාංකික ජනතාව සහ විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීම කෙරෙහි SDB බැංකුවේ කැපවීම සහ දැක්ම මෙන්ම පාරිභෝගිකයින්ට මුල් තැන දෙන බැංකුවේ ව්‍යාපාර ප්‍රවේශය පිළිබඳව සියුම් හා ළගන්නා සුළු සන්නිවේදනයක් සිදු කරයි.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ 53% ක් තරම් ප්‍රමාණයකට දායකත්වය ලබා දෙන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් හට අත්වැලක් වීම මෙන්ම කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම සහ ශ්‍රී ලාංකීය මහජනතාව වෙත ඩිජිටල්කරණයේ උපරිම ප්‍රතිලාභ අත්පත් කරදීම SDB බැංකුවේ මූලික අරමුණු වේ.

“මෑතකාලීනව SDB බැංකුව සිය ගමන් මගේ සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සළකුණු කළා. සම්පූර්ණයෙන් ඩිජිටල් මාධ්‍ය හරහා හිමිකම් නිකුතුවක් මෙන්ම ද්වීතියික කොටස් නිකුතුවක් සිදු කළ කොටස් වෙළඳපොලේ ලැයිස්තුගත පළමු සමාගම බවට පත් වීම එයින් එක් වැදගත් අවස්ථාවක්. මේ නිකුතු දෙකටම සැපයුම අභිබවා ගිය ඉල්ලුමක් ලැබීමත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක්. මේ වැදගත් ජයග්‍රහණ වගේම ව්‍යාපාර මෙහෙයුම් වර්ධනය කිරීම නව තාක්ෂණය හඳුන්වාදීම දිවයින පුරා විසිරුණු ගනුදෙනුකරුවන් ජාලයකට කාර්යක්ෂමව සේවය සැපයීමට ඇති කැපවීම වැනි සාධක ගණනාවක් මත SDB බැංකුව ව්‍යවසායකයින් සවිමත් කිරීමේ මූලික අරමුණ ඉතා සාර්ථකව ඉටු කරගනිමින් සිටිනවා.” යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් SDB බැංකුවේ අලෙවි ප්‍රධානී හසිත සමරසිංහ මහතා පැවසීය.

කාන්තාවන් වෙනුවෙන්ම හඳුන්වා දී ඇති මූල්‍ය නිෂ්පාදනවලට අමතරව ඔවුන් පුහුණු කිරීමේ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවත්වීම සහ මාර්ගෝපදේශනය සැපයීම SDB බැංකුව මේ වෙනුවෙන් සිදු කරන වැඩසටහන් කිහිපයක් වේ. මේ සම්බන්ධයෙන් SDB බැංකුව ලබා ඇති ජාත්‍යන්තර කීර්තිය මත මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදයේ (DFC) ආයතනය විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 40 ක ණය ප්‍රදානයක්ද හිමි වූ අතර එයින් 40% ක ප්‍රමාණයක් කාන්තා ව්‍යවාසායිකාවන් සවිබල ගැන්වීම වෙනුවෙන්ම වෙන් කර තිබේ.

ඔබව වටින යන තේමා පාඨය SDB බැංකුවේ ආයතනික ප්‍රචාරණ වැඩසටහනෙහි හරය හොඳින්ම ගෙනහැර පාන වදන් එකතුවක් වන්නේ එබැවිනි.

Rate this item
(0 votes)