April 25, 2024

ප්‍රකට ආයෝජකයෙකු වන නිමල් පෙරේරාගේ වාසනාවන්ත අංක 8 රහස එළියට

මෙරට ප්‍රධාන පෙළේ ආයෝජකයෙකු වන නිමල් පෙරේරා මහතා පසුගියදා තමන් සතු මෝටර් රථ පෙළෙහි ඡායාරූපයක් පළ කර තිබුණා.

එම ඡායාරූපය පළ කරමින් ඔහු සිය ට්විටර් ගිණුමේ සටහනක්ද තබා තිබුණා.

අද වනවිට තමන් සතුව ඇති එම වත්කම් පිළිබඳව අනාවරණයක් සිදු කළා.

එහිදී Porsche, Volvo, Mercedes Benz සහ Range Rover යන මාදිලිවල රථ හතරක් එම ඡායාරූපයේ සඳහන් වෙනවා.

පුරා වසර 30ක් පොදු ප්‍රවාහනයේ ගමන් කළ තමා අද වන විට මෙලෙස සුපිරි මෝටර් රථ කිහිපයක හිමිකරුවෙකු බවට පත්ව සිටින බවත්, සිය එදිරිවාදීන්ට නොව තමා මෙන් වීමට කැමැති අයට පමණක් මේ පණිවුඩය ලබා දෙන බවත් ඔහු පවසා තිබෙනවා.

මෙහිදී එම සෑම රථයකම අංක තහඩුවෙහි ඇත්තේ අංක 8ත් අංක 5ත් පමණකි. ඒ අනුව CBI 5885, CAX 8558, CAC 5885 සහ CBH 8558 එම අංක වෙයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ එම අංක සියල්ලගේම අවසන් එකතුව අංක 8 වීමයි.

ඒ පිළිබඳව ඔහු තැබූ සටහන පහතින්,

“මෙන්න මගේ අංක 8. මේවා මගේ එදිරිවාදීන්ට නෙමෙයි මා වගේ වීමට කැමැති අයට පමණයි. යම් කිසි හෝ බලාපොරොත්තුවක් ඇති තරුණයන් සඳහා නිර්මල හදවතින් මේ ඡායාරූපය පළ කරන්නේ. මට පුළුවන් නම් ඇයි ඔබට බැරි. මම වසර 30ක් පුරා බස් රථයේ ගමන් ගිය කෙනෙක්.” නිමල් පෙරේරා මහතා මේ සටහනේ තබා තිබේ.

Rate this item
(1 Vote)