April 20, 2024

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගිය හැටි ගැන රාජ්‍ය ඇමතිගෙන් පැහැදිළි කිරීමක්

පසුගිය 07 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ අමාත්‍යවරුන්ගේ රැස්වීමේදී රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කර එයට එක් පිළියමක් ලෙස මේ වන විට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් මෙම භාණ්ඩ වර්ග 4 (කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති හා ගෑස්) වෙනුවෙන් පනවා තිබූ පාලන මිළ ඉවත් කිරීමට තීරණය කර තිබුණා.

කෙසේ වුවද පාලන මිළ ඉවත් කරන ලද භාණ්ඩ සම්බන්ධයෙන් අදාළ සමාගම්වලට අසාධාරණ, අධික මිළ වැඩි කිරීමක් සිදු නොකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපතිවරයා  සහ වෙළෙඳ අමාත්‍යවරයා විසින් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා වෙත පවසා තිබුණා.

ඒ අනුව ඊයේ (08) දිනයේ අදාළ සියලු සමාගම් කැඳවා මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර එහිදී විශේෂයෙන්ම යම් සමාගමක් විසින් මෙම ලබා දී තිබෙන නිදහසින් අයුතු ප්‍රයෝජන ගෙන අසාධාරණ ලෙස මිළ වැඩි කිරීමක් සිදු කළහොත් නැවත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් මිළ පාලනය කිරීමට සිදුවන බව ද දන්වා තිබෙනවා.

තවදුරටත් ඉතා කඩිනමින් භාණ්ඩ නිෂ්පාදනය වැඩි කොට භාණ්ඩ සුලභ කිරීමට කටයුතු කරන ලෙස ද ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ යම් මිළ අඩු කිරීමක් සිදු කළහොත් එයට සාපේක්ෂව භාණ්ඩ වල මිළ අඩු කිරීමක් සිදු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා පවසා තිබුණා.

පසුගිය මාස 6කට ආසන්න කාලයක් තිස්සේ මෙම භාණ්ඩවල ලෝක වෙළෙඳපොළේ මිළ ශීඝ්‍ර වැඩි වීමකට ලක් වී ඇති නමුත් රජය ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගෙන එම බර පාරිභෝගිකයාට ලබා නොදීමට ද විශේෂයෙන්ම අයකරන බදු අඩු කරමින් මිළ පෙර මට්ටමේම පවත්වාගෙන යාම සඳහා කටයුතු කර තිබෙනවා.

ඒ අනුව මෙම භාණ්ඩ වල ලෝක වෙළෙඳපොළ තත්ත්වයන්, පනවා තිබූ භාණ්ඩ වල මිළ පිළිබඳ ගරු රාජ්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන තොරතුරු පහතින් දක්වා තිබේ,

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 10 October 2021 13:50