April 20, 2024

කබ්රාල් මහ බැංකු අධිපති ලෙස පත් කරයි

September 14, 2021

හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හෙට 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ඒ අනුව, ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස එදින වැඩ භාර ගැනීමට නියමිතයි.

ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා ඇත.

Rate this item
(0 votes)