April 20, 2024

Eco Tablets වෙත පරිසර අධිකාරියේ අනුමැතිය

සිලෝන් ග්‍රීන් ප්‍රොඩියුස් සමාගමේ අන්තර්ජාතික කීර්තියට පත් පරිසර හිතකාමි නිෂ්පාදනයක් වන, නැනෝ තාක්ෂණය ඇසුරින් කාබනික ද්‍රව්‍ය පමණක් යොදා නිපදවන ECO Tablets මධ්‍යම පරිසර අධිකාරිය විසින් පරිසර හිතකාමි නිෂ්පාදනයක් ලෙස සහතික කරනු ලැබ ඇත.

Eco Tablts පෙට්රල් වාහන සඳහා Eco Racing නමින්ද, ඩීසල් වාහන සඳහා Eco Diesel නමින්ද සන්නාම දෙකකින් ගත හැකිය.

Eco Tablets භාවිතය එන්ජිමේ ආයු කාලය දෙගුණයකින් වැඩි වීමට සහ ස්පාර්ක් ප්ලග්, දහන කුටීර හා ඉන්ධන ටැංකිය පිරිසුදු වීමට හේතු වේ.

Eco Tablets භාවිතයෙන් 20%ත් 50%ත් අතර ඉන්ධන ඉතිරියක් සිදු වේ. Eco Racing ඔක්ටේන් අගය 5ත් 10ත් අතර වැඩි කරයි. Eco Diesel සීටේන් අගය 2ත් 5ත් අතර වැඩි කරයි.

එසේම කාබන් මොනොක්සයිඩ් පිටවීම 100%ක් සහ සල්ෆර් ඩයොක්සයිඩ් පිටවීම 99%ක් අඩු කරයි.

“මධ්‍යම පරිසර අධිකාරිය වශයෙන් අප මේ නිෂ්පාදනය පරික්ෂා කළ පසු තහවුරු කර ගත්තා එය පරිසර හිතකාමි නිෂ්පාදනයක් බව. පරිසර හිතකාමි නිසා සමාජ සත්කාරයක් වශයෙන් අප Eco Tablets වාහනවලට යෝග්‍ය යැයි අනුමත කරනවා.” මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර දූෂණ පාලනය පිළිබඳ සහකාර අධ්‍යක්ෂ කේ. එච්. මුතුකුඩ ආරච්චි මහතා පැවසීය.

වාහන සංචිත සහිත ආයතන සඳහා Eco Tablets වඩාත් යෝග්‍ය වන්නේ එය පරිසර දුෂණය සහ ඉන්ධන පිරිවැය අඩු කර එන්ජිමේ කාර්යක්ෂමතාව වැඩි කරන නිසාය.

වර්තමානයේදී රාජ්‍ය ආයතන කිහිපයක්ම තම රථ සඳහා Eco Tablets භාවිතය සලකා බලමින් සිටියි. ඉන්ධන කාර්යක්ෂමතාව ඉහළ නැංවීම ඇතුළු ප්‍රතිලාභ රැසක් දෙන Eco Tablets ප්‍රවීණ මෝටර් රථ ඉංජිනේරුවන් රැසක් අගය කරන, දශකයට වැඩි ඉතිහාසයක් සහිත, අන්තර්ජාතිකව දිනූ නිෂ්පාදනයකි.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 July 2021 18:34