March 29, 2024

විභාග වෙනුවෙන් පොත් ප්‍රදර්ශනයක්

අ.පො.ස. උසස් පෙළ, අ.පො.ස. සාමාන්‍ය පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය  විභාග ඉලක්ක කර ගත් පොත් ඇතුළු දෙස් විදෙස්  අධ්‍යාපනික පොත් ප්‍රදර්ශනය 2014 මැයි 02 වැනි දා සිට 11 වැනි දක්වා බත්තරමුල්ල, අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවැත්වීමට සැළසුම් කර තිබේ.

ඒ සඳහා චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙන බවත් විභාගවල පසුගිය ප්‍රශ්න පත්‍ර, ඇගයීම් වාර්තා, ගුරු අත්පොත්, විෂය නිර්දේශ, ඇතුළු දෙස් විදේස් පොත් සහන මිලට ලබා ගැනීමට හැකි වන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම පොත් 20%ක වට්ටමක් යටතේ හෝ ඊට වඩා අඩු මිල ගණන් යටතේ ලබාගැනීමට අවස්ථාවට ලැබෙන අතර මෙම පොත් අධ්‍යයනය කර එහි තිබෙන ප්‍රබලතා, ප්‍රශ්න උත්තර රටා ක්‍රම හඳුනා ගනිමින් ස්වයං අධ්‍යයනයක් කිරීමේ අවස්ථාව සිසුන්ට ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

 

Rate this item
(0 votes)