April 19, 2024

HNB ඇෂුවරන්ස් StudyGuard රක්ෂණ සැලසුම හඳුන්වා දෙයි

HNB ඇෂුවරන්ස් PLC (HNBA) විසින්, ශ්‍රී ලාංකික දූ දරුවන් හා මවුපියන් හට අතිවිශේෂ රක්ෂණ සැලසුමක් වන StudyGuard හඳුන්වා දෙන ලදි. මේ සැලසුම තුළ අන්තර්ගත වී ඇති වටිනා විශේෂාංග මඟින් මවුපියන් හට, තම දරුවන් උදෙසා ඔවුන් සතු අධ්‍යාපනික කඩඉම් ජය ගැනීමටත්, එමඟින් ඔවුන්ගේ අනාගත සිහින සැබෑ කිරීමටත් අවශ්‍ය මූල්‍ය සවිය සලසා දෙයි.

HNBA සහ එහි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන HNB ජෙනරල් ඉන්ෂුවරන්ස් ලිමිටඩ් (HNBGI) ප්‍රධාන විධායක නිලධාරි ප්‍රසන්ත ප්‍රනාන්දු මහතා StudyGuard පිළිබඳ අදහස් බෙදා ගනිමින් මෙසේ පැවසීය. “අද අපේ දූ දරුවන් ඔවුන් නියැළෙන ඕනෑම ක්‍රියාවක් දිහා බලන්නේ ජයග්‍රාහි අභිලාෂයකින්. ඔවුන් සැම විටම උත්සාහ කරන්නේ ලෝකය ජය ගෙන, සමාජයට ආදර්ශමත් චරිත බවට පත් වීමටයි. මවුපියන් ලෙස ඔබේ වගකීම් අසීමිතයි වගේම දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමට ඔබ ඉහළ ප්‍රමුඛතාවක් දෙන බව අපි දන්නවා. මේ නිසාම තමයි HNBA වෙතින් ඔබේ දරුවන්ට අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් සලසා දීමේ ක්‍රමවේදයක් ලෙස StudyGuard නිර්මාණය කළේ”.

HNBA හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි, ලසිත විමලරත්න මහතා StudyGuard ගැන අදහස් දක්වමින් පැවසුවේ, “HNB ඇෂුවරන්ස් StudyGuard කියන්නේ, ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කිරීමට උපකාරී වන විශේෂ ප්‍රතිලාභ රාශියක් ඇති, තනි වාරිකයක් සහිත රක්ෂණ සැලසුමක්. ඔබේ අනපේක්ෂිත වියෝවීමකදී එසේත් නැත්නම් පූර්ණ නිත්‍ය අකර්මණ්‍යතාවකදී හෝ අසාධ්‍ය රෝගාබාධයක් ඇති වූ විටෙක ඔබේ දරුවාගේ පාසල් ගාස්තු ගෙවීමේ වගකීම බාර ගැනීම සඳහා StudyGuard නිර්මාණය කර ඇත. ප්‍රයිම්, ප්ලස් සහ ප්‍රිමියම් StudyGuard සැලසුම් අතරින් වඩාත් ගැළපෙන සැලැස්ම ඔබට තෝරා ගන්න පුළුවන්. StudyGuard දෙන ප්‍රධාන ප්‍රතිලාභය වන්නේ, ඔබේ දරුවාගේ පාසල් වාර ගාස්තු ගෙවීමේ වගකීම බාර ගැනීම වන අතර, එසේ ගෙවන අවම වාර මුදල රුපියල් 25,000/- ක් සහ උපරිම වාර මුදල රුපියල් 200,000/- ක් වේ . තෝරා ගත් සැලැස්ම අනුව පාසල් වාර ගාස්තු ගෙවනු ලබන වසර ගණන තීරණය වේ”

Rate this item
(0 votes)
Last modified on Thursday, 22 July 2021 16:37