March 28, 2024

ලොව ප්‍රථම පරිසර හිතකාමී ස්මාර්ට් මුව ආවරණය හඳුන්වාදෙයි

හයිඩ්රාමනී (Hirdaramani) සමූහය, ශ්රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සහ CirQ Technolagies ආයතන ත්රිත්වය එක්ව මෙම පරිසර හිතකාමි ස්මාර්ට් මුව ආවරණයේ නිෂ්පාදන ක්රියාවලියට දායක වෙයි.

මෙම අති නවීන Smart මුඛාවරණය 2021 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සහභාගී වන ශ්රී ලාංකේය ක්රීඩක ක්රීඩිකාවන්ටත් ලබාදීමට SLINTEC,, Hirdaramani සමූහය සහ CirQ Technologies ආයතන කටයුතු කර තිබේ.

මෙම අවස්ථාවට ක්රීඩා අධ්යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා, උසස් දක්ෂතා කමිටුවේ සාමාජික මහත්ම මහත්මීන්, ශ්රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ ප්රධාන විධායක නිලධාරි මංජු ගුණවර්ධන, Hirdaramani ආයතනයේ සභාපති මහේෂ් හයිඩ්රාමනි, එහි අධ්යක්ෂ අක්ෂේ හයිඩ්රාමනි, තියෝ ගුණසේකර (CEO Hirdaramani Industries) යන මහත්වරුන් ඇතුළු ශ්රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සහ CirQ තාක්ෂණ ආයතනය යන ආයතන ත්රිත්වය නියෝජනය කරමින් මහත්ම මහත්මීහු පිරිසක් සහභාගී වූහ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 20 July 2021 10:28