March 28, 2024

"සැමට ඩිජිටල්" ජාතික වැඩසටහන දියත් කෙරේ

‘සැමට ඩිජිටල් (D4E)’ යන තේමාව  යටතේ නව ජාතික වැඩසටහනක් තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් ආරම්භ කෙරේ. පුරවැසියන් අතර ඩිජිටල් සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා සියලු පාර්ශවකරුවන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. මෙයට සමගාමීව, ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ  සමාජයේ  සියලුම කොටස් වෙත ගෙනයාම සදහා වැඩසටහන් ගණනාවක් දියත්කර තිබේ . සමාරම්භක  වැඩසටහන අන්තර්ජාල සමුළු සේවා ඔස්සේ 200 ය කට ආසන්න පිරිසකගේ සහබාගිත්වයෙන් පසුගියදා සිදුකෙරිණ.

ආරම්භක සැසිවාරයේදී අදහස් දක්වමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර දී අල්විස් මහතා ප්‍රකාශ කලේ “ජාතික ඩිජිටල් ආර්ථික වැඩපිළිවලට අනුව, ශ්‍රී ලංකාව ඉහල ඵලදායි ඩිජිටල් භාවිතයෙන් යුත් ජාතියක් බවට පත්කිරීම මුලික අරමුණ බවයි. එම දැක්ම සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රධාන අරමුණු  පහක් මුලිකව හඳුනාගෙන තිබේ. එනම් තාක්ෂණ කර්මාන්තය සංවර්ධනය, නව්‍ය  තාක්ෂණ ව්‍යාපාර පද්ධති සංවර්ධනය, මානව සම්පත් ධාරිතා වර්ධනය, තාක්‍ෂණික ව්‍යාප්තිය සහ කලාපිය ඩිජිටල් තාක්ෂණ සංවර්ධනය යන වැඩසටහන්ය.

මෙම සමුළුවේදී අදහස් දක්වමින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ධාරිතා ප්‍රවර්ධන අධ්‍යක්ෂ සමීර ජයවර්ධන මහතා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාවේ බිම් මට්ටමේ තාක්‍ෂණික භාවිතය ඉහළ නැංවීමට අප පියවර ගැනීම අත්‍යවශ්‍යයි. සැමට ප්‍රයෝගිකව හා ඵලදායිව ඩිජිටල් මෙවලම් භාවිත හැකියාව ලබා දීම වැදගත්වේ. D4E (සැමට ඩිජිටල්) වැඩසටහන යටතේ සමාජයට ඩිජිටල් භාවිතාවන් හදුන්වාදීම  සහ ඩිජිටල් සාක්ෂරතාවය ඇති කිරීම සදහා යන ගමනේ  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ක්‍රියාකාරී සැලැස්මපිළිබඳව ඔහු දැනුවත් කරන ලදී. මෙහිදී  සමාජ අවශ්‍යතාවන් සදහා දියත් කර ඇති විවිධ  පරිගණක යෙදවුම් (app) එකම වේදිකාවට එක්කොට ජනතාවට පහසුවෙන් භාවිතාකිරීම සදහා වූ D4E ,App Endorsement වැඩසටහන ද දියත්.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනයේ  ධාරිතා ප්‍රවර්ධන පිළිබද ජ්‍යෙෂ්ඨ කළමනාකරු කසුන් වික්‍රමසූරිය මහතා ප්‍රකාශ කළේ, “මෙම නව ඩිජිටල් වේදිකාවෙන් දැනට පවතින ජංගම යෙදුම් app භාවිතය පුරවැසියන්ට ඉතාපහසුවක් වන බවයි. ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී ඩිජිටල් තාක්‍ෂණය ඵලදායි ලෙස යොදා ගැනීම දිරිගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හදුන්වා දුන් කාලෝචිත පියවරක් බවට මෙය හඳුනා ගෙන තිබේ.” මෙම වේදිකාවට එක්වන ලෙස අනෙකුත් දේශීය පරගණක යෙදවුම්  නිර්මාණ කරුවන්ට  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය ආරාධනා කර සිටියි.

මෙම සමුළුවට සමගාමිව, තරුණයන්, ජ්‍යෙෂ්ට පුරවැසියන්, විවිධ හැකියාවන් ඇති කාන්තාවන් සහ ආබාදිත ප්‍රජාවන් ඇතුළුව පුළුල් පරාසයක පාර්ශවකරුවන් කණ්ඩායම් හතරක් ලෙස වෙන්වෙන්ව සමුළු පැවැත්වූ අතර ඔවුන්ගේ අවශ්‍යතා වෙන්වෙන්ව හදුනාගැනීමක් හා ක්‍රියාකාරි වැඩපිළිවලක ද මුලපුරන ලදී.

කාන්තා හා ළමා සංවර්ධන ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය, සර්වෝදය ෆියුෂන්, ජාතික තරුණ සේවා සභාව ,FITIS , ශ්‍රී ලංකාවේ සේවා යෝජකයාගේ සම්මේලනය, ෆේස්බුක්, SLASSCOM  , අන්තර්ජාල සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව( ISOC Sri Lanka ) ,බ්‍රිතාන්‍ය පරිගණක සංගමය ( BCS) , ශ්‍රී ලංකා පදනම, ශ්‍රී ලංකා පරිගණක සංගමය (CSSL ), එල්.කේ.  ඩොමේන්  ලේඛකාධිකාරය (LK Domain Registry)  , ස්මාර්ට් සමාජ කව සහ  ඌව   වෙල්ලස්ස විශ්ව විද්‍යාලය සහ තවත්  සමාජ ක්‍රියාකාරීන් සහ උනන්දුවක් දක්වන කණ්ඩායම් මෙම සැසිවාරයට එක් වූහ. 

Rate this item
(0 votes)
Last modified on Monday, 21 June 2021 22:25