March 29, 2024

SLT-MOBITEL ගංවතුරින් පීඩාවට පත් ජනතාවට සහන සලසයි

ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, අසීරු අවස්ථාවන්හිදී අඛණ්ඩව ජාතිය වෙනුවෙන් කැපවීමේ අරමුණ සහිතව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල සහයෝගය මත, ගංවතුර තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි ජිවත් වන ජනතාවට අත්‍යවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය සහ වතුර බෝතල් බෙදා දීමට ඉදිරිපත් වී සිටියි.

ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සුදුනෙලුම්පුර නිවාස සංකීර්ණය තුළ ජිවත් වන ජනතාවට මෙන්ම ගම්පහ දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට අයත් තවත් ප්‍රදේශ කිහිපයක ජනතාවට මෙලෙස වියළි ආහාර ද්‍රව්‍ය සහ වතුර බෝතල් අඩංගු මලු බෙදා දීමට SLT-MOBITEL කටයුතු කළේය.

මීට අමතරව, COVID-19 හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා 'දාන පාරමිතා' නමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමටද SLT-MOBITEL කටයුතු කළේ ය. 'YES' ලෙස ටයිප් කර 255 අංකයට SMS යොමුකිරීම මගින් SLT-MOBITEL පෙරගෙවුම් හා පසුගෙවුම් පාරිභෝගිකයන්ට මේ සඳහා මුදල් පරිත්‍යාග කළ හැකි වේ. මෙම සෑම SMS පණිවිඩයක් සඳහාම රු. 50 ක මුදලක් අය කෙරෙන අතර, එලෙස එක්රැස් වන මුදලට සමාන මුදලක් පරිත්‍යාග කරමින් අරමුදල දෙගුණ කිරීමට SLT-MOBITEL කටයුතු කරයි. මෙම මුදල් මෙරට විපතට පත් ජනතාව වෙත වියළි සලාක, සෞඛ්‍ය උපාංග සහ සහන මලු ආදිය බෙදාදීම සඳහා භාවිතා කෙරේ.

Rate this item
(0 votes)