April 25, 2024

සාරභුමි ණය පිරිනැමීමට මහජන බැංකුවේ සභාපති කාබනික පොහොර ව්‍යාපෘති නිරික්ෂණ චාරිකාවක

වස විසෙන් තොර දේශයක් වෙනුවෙන් රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල සහයෝගය දැක්වීමේ අරමුණින් මහජන බැංකුව, කාබනික පොහොර, පළිබෝධනාශක, වල්නාශක දේශියව නිෂ්පාදනය දිරිමත් කිරීම සඳහා සාරභුමි ණය යෝජනා ක්‍රමය දියත් කර තිබේ. ඒ අනුව මහජන බැංකුව ශ්‍රී ලංකාව පුරා දැනට නිෂ්පාදිතයේ යෙදී සිටින මේ පිළිබඳව දීර්ඝ කාලීන අත්දැකීම් ඇති හා පර්යේෂණ කර ඇති විශේෂිත ප්‍රාගුණ්‍යයෙන් යුත් ගනුදෙනුකරුවන් රැසක් හඳුනාගෙන ඇත.

මෙම කාබනික පොහොර නිෂ්පාදනයේ ස්වාභාවය, එහි අවශ්‍යතාවය සහ එම නිෂ්පාදකයින්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් හා වෙනත් පහසුකම් පිළිබඳව සොයාබැලීම සඳහා මැදිහත් වෙමින්, කැලනිය, පන්නල සහ කොච්චිකඩේ පිහිටි අදාළ ව්‍යාපෘති කිහිපයක් නිරික්ෂණය කිරීමට මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා පසුගියදා පියවර ගත්තේය. මෙහිදි රාජපක්ෂ මහතා එම නිෂ්පාදකයින් සමඟ සාකච්ඡා කළ අතර, ඔවුන්ට අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබාදීම සඳහා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මහජන බැංකුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඒකකය විසින් සුවිශේෂි පොලි අනුපාතික යටතේ සාරභුමි ණය යෝජනා ක්‍රමය මේ වන විටත් දියත් කර ඇති අතර, සිය ප්‍රාදේශිය ප්‍රධාන කාර්යාල හරහා රට පුරා විසිරී සිටින කාබනික පොහොර නිෂ්පාදකයින් හඳූනාගනිමින් ඔවුන්ට මූල්‍ය පහසුකම් ලබාදීමට කටයුතු යොදමින් සිටි. එළඹෙන කන්නය සඳහා කාබනික පොහොර මෙටි්‍රක් ටෝන් විශාල ප්‍රමාණයක් සූදානම් කිරීමට රජය සැලසුම් කර ඇති අතර, කාබනික පොහොර නිෂ්පාදන ධාරිතාවය වැඩිකර එම ඉලක්කය සපුරා ගැනීමට සඳහා දායක වීම මහජන බැංකුවේ අරමුණයි.

දිවයින පුරා විසිරි 741 කට අධික සිය සේවා ජාලයේ ඕනෑම ශාඛාවක් හරහා මේ ණය සැලසුමට අදාළ ණය මුදල් පිරිනැමීමේ පහසුකම් සළසා දීමට මහජන බැංකුව කටයුතුකර තිබේ. මේ පිළිබඳ වැඩි විස්තර දුරකථන අංක 0112481356 අමතා ලබාගත හැක.

Rate this item
(0 votes)