April 19, 2024

මහින්දගෙන් මහබැංකුවට විශේෂ උපදෙසක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද (21) දින මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් ඇතුළු එහි ප්‍රධානීන් හමු වී තිබෙනවා.

කොවිඩ් වසංගත තත්වය හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා පියවර ගන්නා ලෙසටයි අග්‍රාමාත්‍යවරයා එහි දී උපදෙස් ලබා දී ඇත්තේ.

එහි දී අගමැතිවරයා එම ප්‍රධානීන්ගෙන් ඉල්ලීමක් ද සිදු කොට ඇත්තේ මහ බැංකුවේ කාර්යභාරය නොපිරිහෙලා ඉටු කරන ලෙසට යි.

රට තුළ පවතින ආර්ථික තත්වය සම්බන්ධයෙන් මහ බැංකුවේ ප්‍රධානීන් සමග අරලියගහ මන්දිරයේ දී අද (21) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශ සිදු කොට ඇති බව සඳහන්.

මහබැංකු අධිපතිවරයා ඇතුළු එහි ප්‍රධානීන් ද රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා වෙත කරුණු පැහැදිලි කර තිබෙනවා.

මෙම අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන්වන ටී. එම්. ජේ. වයි. ප්‍රනාන්දු ,කේ.එම් සිරිවර්ධන, එම් ඩබ්ලිව් නානායක්කාර, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර යන අය ද සහභාගී වූවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 21 May 2021 20:48