April 17, 2024

වස විසෙන් තොර රජයේ වැඩපිළිවෙළට මහජන බැංකුවෙන් ශක්තියක් - “සාර භූමි” නමින් ණය යෝජනා ක්‍රමයක්

වර්තමානයේදී රසායනික පොහොර, වගාවන් සඳහා යෙදීම තහනම් කරමින් මෙරට කෘෂිකර්මාන්තය ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළක් රජය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.

රජය ගෙන යන වැඩපිළිවෙළට ශක්තියක් වනු පිණිස විශේෂ ණය පහසුකමක් මහජන බැංකුව විසින් හඳුන්වා දී තිබෙනවා.

“සාර භූමි” ලෙස නම් කර ඇති මෙම ණය පහසුකම සැබවින්ම පොහොර, පළිබෝධනාශක හා වල් නාශක, දේශියව නිෂ්පාදනය කරන පාර්ශව සඳහා දිරිගැන්වීමක් වනු ඇත.

එම ණය සහනදායි පොළී අනුපාත යටතේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා උපරිම වසර 03 කින් ගෙවීමට හෝ ආයෝජන සඳහා උපරිම වසර 10 කින් ගෙවීමට ලබාගත හැකි වේ.

මෙම “සාර භූමි” ණය ලබා ගැනීමට පහත සුදුසුකම් සපුරාලිය යුතුය.

  • පොහොර නිෂ්පාදකයින් ජාතික පොහොර ලේකම් කාර්යයාලයෙන් අදාළ සහතිකය ලබා ගත යුතුයි.
  • පළිබෝධනාශක හා වල් නාශක නිෂ්පාදකයින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයෙන් (ORP) අදාළ බලපත්‍ර ලබා ගත යුතුයි.
  • පොහොර නිෂ්පාදනය පිළිබඳව තාක්ෂණික විශේෂඥතාවයක් තිබිය යුතුයි.
  • ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති ආර්ථිකමය හා මූල්‍යමය ලෙස ශක්‍ය විය යුතුයි.
  • පොහොර මිලට ගැනීම සඳහා රජය සමඟ ගිවිසුමක් තිබිය යුතුයි.

වැඩිදුර තොරතුරු බැංකු දින වලදී 0112 481 356 ඇමතීමෙන් ලබා ගත හැක.

Rate this item
(0 votes)