April 20, 2024

මහජන බැංකුවේ 2020 වාර්ෂික වාර්තාව අගමැතිට පිළිගන්වයි

මහජන බැංකුවේ 2020 වර්ෂය සඳහා වන වාර්ෂික වාර්තාව මහජන බැංකුවේ සභාපති සූජීව රාජපක්ෂ මහතා විසින් අද (22) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.

වාර්ෂික වාර්තාවට අනුව මහජන බැකුවේ බදුපෙර ලාභය රුපියල් බිලියන 21ක් වන අතර බදුපසු ලාභය බිලියන 14කි.

2020 වර්ෂයේ මහජන බැංකුවේ ලාභාංශය බිලියන 3.5ක් ලෙසත් රාජ්‍ය බදු රුපියල් බිලියන 14ක් ලෙසත් සඳහන්ය.

රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්ති අනුව යමින් මහජන බැංකුව මේ වසරේ රුපියල් බිලියන 25ක ලාභයක් සහ රුපියල් බිලියන 15කට වැඩි බදු ආදායමක් බලාපොරොත්තුවන අතර අපේක්ෂිත ලාභාංශය රුපියල් බිලියන 3කි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සූජීව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරී රංජිත් කොඩිතුවක්කු, මුල්‍ය නිලධාරී අසාම් අහමඩ් සහ අලෙවි විධායක නාලක විජේවර්ධන මහතා ද සහභාගී වූහ.

Rate this item
(0 votes)