අප්‍රේල් 12 දා එනම් අද දිනය රජයේ නිවාඩු දිනයක් බව පසුගිය සිකුරාදා (09) රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් දැනුම් දෙන ලදී. කෙසේ වෙතත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වවරයා පවසන්නේ අද දිනය රජයේ නිවාඩු දිනයක් පමණක් බවත් එය බැංකු නිවාඩු දිනයක් නොවන බවත්ය. මේ අනුව අද (12) දිනයේ දී සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු ශාඛා ගනුදෙනු සඳහා විවෘතව පවතිනු ඇත. මේ අතර හෙට දිනය බැංකු නිවාඩු දිනයක් නොවන බැවින් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ද සාමාන්‍ය ආකාරයෙන් සිදුකෙරෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා පැවසීය.