April 25, 2024

මහජන බැංකුවේ 250 වන ස්වයං බැංකුකරණ ඒකකය කැන්ඩි සිටි සෙන්ටර්හි විවෘත කෙරේ

සිය අභිමානවත් 60 වන සංවත්සරය මෙම වසරේදි සමරන මහජන බැංකුව, තම ඉතිහාසයේ සුවිශේෂි මං සලකුණක් සනිටුවහන් කරමින් 250 වන ස්වයං බැංකුකරණ ඒකකය කැන්ඩි සිටි සෙන්ටර්හිදි මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතාගේ අතින් පසුගියදා විවෘත කරන ලදි.

මෙම ස්වයං බැංකුකරණ ඒකකය, (Self Banking unit) ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයකින් (ATM) හා මුදල් තැන්පතු යන්ත්‍රයකින් (CDM) සමන්විතය. මේ තුළින් සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මුඵ වසර පුරාම වඩාත් පහසු, සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.

මීට සමගාමීව ජාත්‍යන්තර ප්‍රවණතාවන්ට අනුගත වෙමින් සහ පහසුව, උසස් ප්‍රමිතිය හා විශ්වසනීයත්වය වැනි ගුණාංග තවදුරටත් තහවුරු කරමින්, ගනුදෙනුකාර කේන්ද්‍රීය බැංකුවක් ලෙස ඉදිරියට යන නව ගමන් මග සංකේතවත් කිරීම සඳහා මහජන බැංකුව කැන්ඩි සිටි සෙන්ටර් ශාඛාවට නව මුහුණුවරක් ලබාදීමටද කටයුතු කර තිබේ.

ත්‍රිකුණාමල ස්වයං බැංකුකරණ ඒකකය විවෘත කිරිමේ අවස්ථාවට ප්‍රොපටි ෆිනෑන්ස් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් කැන්ඩි (ප්‍රයිවට්) ලිමිටඩ් සභාපති/ කළමනාකරණ අධ්‍යක්ෂ තුසිත විජේසේන, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, මහනුවර ප්‍රාදේශිය කළමනාකාර බුද්ධික රණතුංගගේ, සහකාර ප්‍රාදේශිය කළමනාකාර තිස්ස තෙන්නකෝන් යන මහත්වරුන්, සහකාර ප්‍රාදේශිය කළමනාකාරිනි අනූෂා අලහකෝන් මහත්මිය, කැන්ඩි සිටි සෙන්ටර් ශාඛා කළමනාකාර අංජන කුලසේකර මහතා ඇතුඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකාරභවතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

මහජන බැංකුවේ ඩිජිටල්කරණ වැඩපිළිවෙලට සමගාමීව ගනුදෙනුකාර ජනතාව වෙත උපරිම පහසුවකින් පිරිපුන් බැංකු සේවාවන් ලබාදීමේ අරමුණින් හඳුන්වාදුන් මෙම ස්වයං බැංකුකරණ ඒකකයන්හි පළමු ඒකකය 2016 වසරේ දෙසැම්බර් මාසයේදී මහජන බැංකු ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ස්ථාපිත කරන ලදි. එතැන් සිට ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ ආවරණය කරමින් ස්වයං බැංකුකරණ ඒකක පිහිටවූ අතර, 100 වැන්න ත්‍රිකුණාමලයේදීද, 200 වැන්න කන්කසන්තුරයේද වීවෘත කරන ලදි.

රාජ්‍ය බැංකුවක් ලෙස, නව හඳූන්වාදීම් රැසක් සිදුකරමින් ඩිජිටල් මූල්‍ය සේවාවන් මෙරට ග්‍රාමීය ප්‍රදේශ වෙතද ව්‍යාප්ත කිරීමේ සුවිශේෂී මෙහෙවරක නිරත වී සිටින මහජන බැංකුව, ශ්‍රී ලංකාව ඩිජිටල් සමාජයක් බවට පරිවර්තනය වන ගමන් මඟ තුළ සුවිශේෂි කාර්යභාරයක නිරතවී සිටී.

Rate this item
(0 votes)