April 25, 2024

ඔටෝ බාත්වෙයා ආයතනයට රන් සම්මානයක්

ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලය පසුගියදා පැවැත් වූ අපනයනකරුවන් සඳහා වූ සම්මාන උළෙලේදී ආර්ට් ඩෙකෝ / ඔටෝ බාත්වෙයා ආයතනය රන් සම්මානයෙන් පිදූ ලැබිණි.

එම සම්මානය හා සිය ආයතනය පිළිබඳ ආර්ට් ඩෙකරේෂන් පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂ චාමන් දිලංග කරුණාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

මොනවද මුලින්ම නිෂ්පාදනය කරන්නේ ?

ටෙරාකොටා (රතුමැටි) වලින් විසිතුරු මල් පෝච්චි,විසිතුරු භාණ්ඩ,ප්‍රතිමා යනාදිය. මේ අවදියේ ඊඩීබී ආයතනය ප්‍රචාරය කරනවා ප්‍රසිද්ධ ප්‍රදර්ශනයකට ලංකාවෙන් ව්‍යාපාරිකයෝ ගෙනියනවා කියලා. තාත්තා ඒ සඳහා අයදුම් කරනවා. තාත්තට ඒ සඳහා අවස්ථාව හිමි වෙනවා. ඒ ආපු ගමන අද වන විට වසර තිහක් වෙනවා. ඔහු විවිධ ප්‍රදර්ශන බලන්න යනවා. එහිදි ඒ කාලයට ගැළපෙන්නේ මොනවද කියලා හොයලා බලනවා. ඒ අනුව තමයි මුල්ම නිෂ්පාදනය ලෙස සෙරමික් භාණ්ඩ හදලා පිට රට යවන්නේ.හැබැයි එහෙම මුල්ම නිෂ්පාදන යවද්දි විශාල යන්ත්‍රෝපකරණ තිබිලා නැහැ. ලොකු පහසුකම් තිබිලත් නැහැ.

දැනට ඔබේ නිෂ්පාදනයන් සිදුවෙන්නේ කොහේද?

බණ්ඩාරගම තමයි කර්මාන්ත ශාලාව පිහිටා තිබෙන්නේ. එහි අක්කර 10 ක් පමණ තිබෙනවා. මේ වන විට එහි තමයි සියලු නිෂ්පාදන කටයුතු කරන්නේ. මගේ පියා තමයි මෙම ආයතනයේ සභාපතිවරයා විදියට කටයුතු කරන්නේ. ඔහු නමින් බන්දුල කරුණාරත්න. අපේ කර්මාන්ත ශාලාවේ සේවකයන් දෙසිය පනහක් පමණ සිටිනවා.

ආර්ට්ඩෙකරේෂන් ආයතනයට ලංකාව තුළ වෙළෙඳ පොළ කොහොමද?

අපි විශාල වශයෙන් ලංකාව තුළ විකුණුම් කරන්නේ නැහැ. මූලික අරමුණ පිටරටට අපේ නිෂ්පාදන යවන එක. ඒ අනුව මේ වන විට අපි රටවල් 47 කට අපේ නිෂ්පාදන යවනවා. ඒ වගේම ලංකාවේ ඇතැම් ආයතන අපෙන් ඉල්ලන ආකාරයට සැපයුම ලබාදෙනවා. අපෙන් යම් ආයතනයක් යම් භාණ්ඩයක් ඉල්ලුමව ඒ අයගේ නම, සලකුණු ගහලා නිෂ්පාදනය කරලා දෙනවා. ඒ කියන්නේ අප හදන්නේ පුද්ගලික ලේබල් වලට. එහෙත් මම එංගලන්තයේ අධ්‍යාපනය හදාරද්දි එහිදි මට යාළුවවෙක් මුණගැසුණා.ඔහුත් එක්ක එකතු වෙලා අපේම බ්‍රෑන්ඩ් එකකුයි. ව්‍යාපාරයකුයි එංගලන්තයේ ලියාපදිංචි කරලා තිබෙනවා. A and D කියන නමින් තමයි යන්නේ. දැන් අපි අපේම නමින් නිෂ්පාදන කටයුතු කරනවා. එය සාර්ථක කරගත්තම හැම රටේම කාර්යාලයක් දාලා නිෂ්පාදන වර්ධනය කරන්න සැලසුම් කරලා තිබෙනවා.

කොරෝනා වයිරසයෙන් ව්‍යාපාරයට බලපෑමක් එල්ල වුණේ නැද්ද?

ලංකාව ලොක් ඩවුන් එකකට යන්න තීරණය කළ නිසා මාර්තුවල දවස් 12 යි, අප්‍රේල් වල දවස් 12 වැඩ කළේ. නමුත් අපේ වාසනාවට අපිට හොදම අපනයන ඇණවුම් තිබුණා.ඒ වගේම පිටරට වලත් කොරෝනා නිසා ඒ අය ගොඩක් හිටියේ නිවෙස් වලට වෙලා ඒ නිසා ඒ අය ගෙදර ඉතා හොදින් අලංකාර කර ගන්නා මනසේ සැහැල්ලුවට අපිට ඒක හොද අවස්ථාවක් වුණා වැඩිපුර ඇණවුම් ලැබෙන්න.ඒ සමගම ලොව විශාලතම වෙළද ප්‍රදර්ශන ජර්මනියේ ෆ්රන්ක්ෆෙර්ට් වෙළද ප්‍රදර්ශනය සහ චීන කැන්ටන් ප්‍රදර්ශන නොමැති බව නිසා අපේ ඉන්න ගණුදෙනුකරුවෝ විශාල ලෙස ඇණවුම් එව්වා. ඒ නිසා අපිට පුළුවන් වුණා අපේ සේවකයන්ට හොදම වැටුප් ගෙවලා මාස තුනක ප්‍රසාද දීමනාත් ලබා දෙන්න.තාත්තා නිතර කියන දෙයක් තමයි අපි සෑම අවස්ථාවකම අපේ සහෝදර සේවකයෝ ආරක්ෂා කරන්න ඕන කියන එක. ඉතින් ඒ අය බොහොම සතුටෙන් තමයි ආයතනයේ සේවය කරන්නේ.ඒක අපිටත් ඉහමත් සතුටක්.

වත්මන් රජය මඟින් ආනයනය සීමා කිරීම ව්‍යාපාරියකු ලෙස ඔබ දකින්නේ කොහොමද?

දේශීය දේ නගා සිටුවන්න නම් එවැනි තීරණ ගත යුතුයි. බොහෝ දේ අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන්කම තිබියදීත් පිට රටින් ගෙනෙන එක අපරාදයක්. කාලයක් යම් කැප කිරීමක් කරන්න සිදුවේවි. එහෙත් අනාගතයේ ඉන් හොඳ ප්‍රතිපල ලබාගත හැකියි. අනෙක් කාරණය තමයි මගේ අදහස තව තවත් ව්‍යාපාරිකයෝ බිහි විය යුතුයි. එහෙම වුණාම තරගයක් ඇති වීමෙන් ඉහළ ප්‍රමිතියකින් යුතු නිෂ්පාදන ලබාදිය හැකියි.මට මෙහිදී විශේෂ දෙයක් සදහන් කරන්න ඕන.ඒ තමයි අපේ රටේ ව්‍යසායකයෝ ඉන්නේ 2% පමණ අනිත් රටවල මෙය 10% 12% තියෙන්නේ.තායිලන්තයේ එය 26%. මෙයට එකම හේතුව තමයි අපේ රටට ජාතික ප්‍රතිපත්තියන් නැති එක පක්ෂ ප්‍රතිපත්ති වලට ව්‍යසායකයෝ බයයි මොකද අවුරුදු 5න් පස්සේ එන අය මොන වගේ ප්‍රතිපත්තිද ගේන්නේ කියලා නොදන්න නිසා මේ තත්ත්වය පවතින තාක් කල් අපේ රටේ ව්‍යසායකයෝ 2%ට වඩා වැඩි වෙන් නැති බව මට විශ්වාසයි.
දැන් බලන්න සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය තහනම් කලාට අපේ රටේ කර්මාන්තකරුවෝ පස්දෙනා රටේ අවශ්‍යතාවයෙන් 65% හදනවා. මේ රජය දේශීය කර්මාන්තකරුවෝ දිරිගන්වනවට වගේ සියළුම රජයවල් කළොත් අපේ රටට ස්වයන්පෝෂිත වෙන්න පුළුවන්.අපේ Otto Bathware නිෂ්පාදන රට පුරාම අළෙවි වෙනවා.අපේ නියෝජිතවරු 526 පමණ ඉන්නවා. ඒ අය Otto Bathware මිළ දිනට වඩා ටිකක් වැඩි වුණත් ගන්නේ අපගේ ඉතා උසස් ජාත්‍යන්තර තත්ත්වය සහ ඕනම දෙයකදී දේශීය නවීනතයන් නිසා ලොකු විශ්වාසයකින්. දැන් බලන්න අපි කරන සේවය අපනයනය තුළින් රට සල්ලි අපේ රටට රැගෙන එන ගමන් අපේ රටෙන් පිටරටට යන විදේශ විනිමය අපේ රටේම තියාගන්න පුළුවන්.අපේ මේ Otto Bathware වැනී දේශීය නිෂ්පාදන නිසා.

Rate this item
(0 votes)
Last modified on Sunday, 04 April 2021 19:23