April 25, 2024

මහජන බැංකුව අඛණ්ඩව පහළොස් වන වරටත් ජනාදර සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ ලොව ප්‍රකට සමීක්ෂණ ආයතනයක් වන නිල්සන් ආයතනය එක්ව සංවිධානය කළ ‘ස්ලිම් නිල්සන් ජනතා සම්මාන 2021’ උළෙලේදී  “වසරේ වඩාත්ම ජනාදරයට ලක්වූ බැංකු සේවා සපයන්නා” සම්මානය නොකඩවා පහළොස් වන වරටත් මහජන බැංකුවට හිමිවිය. 

කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගියදා පැවති මෙම සම්මාන උළෙලට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා ඇතුඵ ආයතනික හා විධායක කළමනාකාරිත්වයද සහභාගී විය.

අඛණ්ඩව 15 වන වරටත් මෙම සම්මානය ලබා ගැනීම තුළින් මිලියන දහ හතරකට අධික ගනුදෙනුකාර පිරිසකගේ මූල්‍ය අවශ්‍යතාවයන් සපුරාලීම උදෙසා මහජන බැංකුව සිය 741 ක් පමණ වන ශාඛා ජාලය තුළින් සිදුකරන සේවාව නැවත වරක් ඇගයීමට ලක්ව තිබේග මෙරට සාමාන්‍ය පොදු මහජනතාවට බැංකු පහසුකම් සමීප කිරිමේ අරමුණින් මීට වසර 60 කට පෙර ඇරඹි මහජන බැංකුවල මෙරට බැංකුකරණයේ නිම් වළලු පුළුල් කරමින් ඩිජිටල් බැංකුකරණය වෙතද පිවිසිණිග එසේ ශ්‍රී ලංකිය ඩිජිටල් බැංකුකරණයේ පුමුඛයා ලෙස නව හඳුන්වාදීම් රැසක් සිදුකරන ලද අතර, ඒවා ශ්‍රී ලාංකිකයින් මනාව පිළිගත් බවටද මෙම සම්මානය සාක්ෂි දරයිග

මහජන බැංකුව හඳූන්වා දුන් ඩිජිටල්කරණ වැඩපිළිවෙල යටතේ දිවයින පුරා පිහිටා ඇති 240 කට අධික මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයන් තුළින් වසරේ දින 365 පුරාම සතියේ දින 7 පුරා, දිනපතා පැය 24ම මු`ඵ වසර පුරාම බැංකු ශාඛාවට නොගොසින්ම වඩාත් පහසු, සහ කාර්යක්ෂම බැංකු අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව සලසා ඇත. කෘෂිකාර්මික, දේපළ වෙළදාම්, වානිජ සංවර්ධන, කුඩා සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ දෙස් විදෙස් ආනයන අපනයන කර්මාන්ත ආදියට තම දායකත්වය ලබාදෙමින් රටේ සංවර්ධනයට මෙන්ම මූල්‍ය ශක්තියෙන් පිරිපුන් පුරවැසියන් පිරිසක් ගොඩනැංවීම සඳහා සවිබලය ලබාදීමට මහජන බැංකුව පෙරමුණ ගෙන ක්‍රියා කරයි.

එමෙන්ම කෝවිඩ්-19 වසංගත තත්වය හමුවේ අඩාල වු ආර්ථිකය පණගන්වනු වස් මහජන බැංකුව 480,000 අධික ගනුදෙනුකරුවනට ණය සහන ලබාදුන් අතර මෙය මෙරට බැංකුවකින් ලබාදුන් ඉහලම සහන ප්‍රමාණය වේ. මෑතකදී පැවති ව්‍යාපාරික හමුවකදි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාද මහජන බැංකුව, විවිධ දුෂ්කරතා රැසකට මුහුණ දුන් මෙරට ආර්ථිකය නගා සිටුවීමට ලබාදුන් සුවිශේෂි දායකත්වය අගය කරනු ලැබීය.

Rate this item
(0 votes)