April 20, 2024

එම්.එම්.බී.එල්. මනී මාස්ටර් සමාගම පාරිභෝගිකයින්ට මිලියන ගණනින් මුදල් තෑගි ලබා දෙන මුදල් නිධානය ප්‍රවර්ධන වැඩසටහන දියත් කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මුදල් හුවමාරු සේවාවක් වන එම්.එම්.බී.එල් මනී මාස්ටර් (MMBL Money Master) ළඟ එන උත්සව සමය වෙනුවෙන් සිය හිතවත් පාරිභෝගිකයින් හට මිලියන ගණනින් මුදල් ත්‍යාග ලබා දෙන විශේෂ ප්‍රවර්ධන වැඩසටනක් දියත් කර ඇත. zමුදල් නිධානයZ ලෙසින් නම් කර ඇති මෙම ප්‍රවර්ධන වැඩසටහන අප්‍රේල් මස 15 වැනි දින දක්වා ක්‍රියාත්මක වන අතර MMBL Money Master මුදල් හුවමාරු සේවාවන් වන වෙස්ටර්න් යූනියන් (Western Union) මනීග්‍රෑම් (MoneGram) සහ රියා (Ria) යන සේවාවන්ගෙන් ඕනෑම එකක් හරහා දෙවරක් හෝ ඊට වැඩි වාර ගණනක් මුදල් ලබා ගන්නා පාරිභෝගිකයින් මෙම ප්‍රවර්ධන වැඩසටහන යටතේ දිනුම් ඇදීමකට තෝරා ගැනේ.

zzශ්‍රී ලංකාවේ පුරෝගාමී මුදල් හුවමාරු ආයතනයක් වශයෙන් අපි හැමවිටම අපේ හිතවත් පාරිභෝගිකයින්ට ප්‍රතිලාභ ලබාදෙන මෙවන් විශේෂ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. අපේ පාරිභෝගිකයින්ගෙන් බහුතරයක් දෙනා විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයින් සහ මෙරට වෙසෙන ඔවුන්ගේ ආදරණීයයන්. ඒ නිසා මේ ආකාරයේ ප්‍රවර්ධන වැඩසටහන් හරහා ඔවුන්ගේ කැපවීමට සහ අපේ රට වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වයට යම් ඇගයීමක් ලබා දීමටත් අපට හැකි වෙනවාZZ යැයි මේ පිළිබඳව අදහස් දක්වමින් Aitken Spence සමූහයේ අධ්‍යක්ෂක සහ MMBL Money Transfer (Pvt) Ltd සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂක දිනේෂ් මෙන්ඩිස් මහතා පැවසීය.

මනීමාස්ටර් සේවාවන් දිවයින පුරා විහිදුණු නියෝජිතායතන 2000 කට අධික ප්‍රමාණයක් හරහා ලබා ගත හැකි අතර එම්.එම්.බී.එල්. බලයලත් නියෝජිතායතන" දැඩිගම උකස් මධ්‍යස්ථාන" DFCC බැංකු ශාඛාවන්" SDB බැංකු ශාඛාවන්" AMANA බැංකු ශාඛාවන්, ග්‍රාමීය බැංකු සහ සණස සමිති හරහා මුදල් ලබාගන්නා පාරිභෝගිකයින් මෙම ප්‍රවර්ධනයට ඇතුළත් වේ. 

MMBL Money Master සමාගම එයිට්කන් ස්පේන්ස් සමූහ ව්‍යාපාරයේ සහ මර්කන්ටයිල් මර්චන්ට් බෑංකුවේ ඒකාබද්ධ ව්‍යාපාර මෙහෙයුමක් වන අතර පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් ව්‍යාපාර ප්‍රවේශය, විශිෂ්ට සේවාව සහ විශ්වාසනීයත්වය වෙනුවෙන් කීර්තියත් දිනා ඇති ආයතනයකි. 1995 වසරේදී ආරම්භ කෙරුණු MMBL Money Master ආයතනය වෙසටර්න් යූනියන් සේවාව සඳහා මෙරට ප්‍රමුඛතම නියෝජතයා වන අතර මනීග්‍රෑම් සහ රියා සේවාවන් සඳහාද නියෝජිතයා වශයෙන් කටයුතු කරයි.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 March 2021 16:02