April 19, 2024

පස්සර අනතුරෙන් විපතට පත්වූවන්ට පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් සහන (VIDEO)

පසුගියදා පස්සර ප්‍රදේශයේ සිදු වූ බස්රථ අනතුරින් පීඩාවට පත්වුවන් සහ ඔවුන්ගේ පවුල් වෙත පීපල්ස් ඉන්ෂුවරන්ස් පි.එල්.සී ආයතනය සිය බලවත් කණගාටුව ප්‍රකාශ කරන බව පීපල්ස් ඉන්ෂුවරන්ස්හි සභාපති ඉසුරු බාලපටබැඳි මහතා සඳහන් කරයි. 

ජන හඳ දිනු රක්ෂණ ආයතනයක් ලෙස සමාජ වගකීම ඉටු කරලීමේ අරමුණෙන් මෙම අනතුරෙන් ජිවිතක්ෂයට පත් සියලුදෙනාගේ අවමංගල්‍ය වියදම් සඳහා අරමුදල් ක්ෂණිකව ලබා දීමට කටයුතු සිදු කර ඇත.

එමෙන්ම මෙම අනතුරෙන් පීඩාවට පත් අනෙකුත් අය වෙනුවෙන් අවශ්‍ය වන්දි මුදල් ප්‍රධානය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 23 March 2021 14:59