April 19, 2024

මහජන බැංකුවේ LANKAQR ගෙවීම් පහසුකම මහනුවරට

ශී‍්‍ර ලංකා මහ බැංකුව දියත් කළ ‘රට පුරාම LANKAQR' වැඩසටහනේ සිව්වැනි අදියරට සමගාමීව මහජන බැංකුව සංවිධානය කළ LANKAQR පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්විණි.

සමාජයේ මුදල් භාවිතය අවම කිරීම සහ වඩාත් පහසුවෙන් ගනුදෙනු කිරීමේ හැකියාව ලබාදීමේ අරමුණින් ජංගම දුරකථනය හරහා වේගවත්, ආරක්ෂාකාරී සහ අඩු වියදම් ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේදයක් ඇති කිරීම උදෙසා ශ‍්‍රී ලංකා මහ බැංකුව මෙම LANKAQR සුවිශේෂී ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේදය හඳුන්වාදෙනු ලැබීය.

මුදල් හෝ කාඞ්පත් භාවිතයකින් තොරව LANKAQR කේතය ස්මාර්ට් ජංගම දුරකථනයකින් ස්කෑන් කිරීම මගින් භාණ්ඩ හා සේවාවන් ගැනීමේ සරල හා ක්ෂණික ඉතා පහසු ක‍්‍රමයකට මෙමගින් ජනතාව හුරුකරයි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප‍්‍රධාන කළමනාකාර (ඩිජිටල්කරණ) මංගල කාරියවසම්, මහනුවර සහකාර ප‍්‍රාදේශිය කළමනාකාර තිස්ස තෙන්නකෝන් යන මහත්වරුන්, සහකාර ප‍්‍රාදේශිය කළමනාකාරිනි අනූෂා අලහකෝන් මහත්මිය සහ මහනුවර ශාඛා කළමනාකාර ජනක ජයසිංහ මහතා ඇතුඵ ප‍්‍රාදේශිකයේ බැංකු ශාඛාවන්හි කාර්ය මණ්ඩලය සහභාගී වූහ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 21 March 2021 19:37