April 25, 2024

ශ‍්‍රී ලාංකේය දේශීය සහ සාම්ප‍්‍රදායික ආහාර රසය ඔබට දැන් කොළඹදීම

ගොවිපලෙන් මේසයට සංකල්පය යතාර්ථයක් බවට පත් කරමින් දේශීය හා සාම්ප‍්‍රදායික ආහාර රසය ලබාදෙමින් ‘‘සිලෝන් බයි ද ඇවිනිව්’’විවෘත විය.

ශ‍්‍රී ලංකාවේ විශාලතම දේශීය ආහාර මෙනුව හදුන්වාදෙමින් ආරම්භ වන සිලෝන් බයි ද ඇවිනිව් කාබනික ආහාර පමණක් පිසින පළමු සහ එකම අවන්හල බවට පත්වීමට අපේක්ෂා කරයි. විශාලතම මෙනුවන් හදුන්වාදීම තුළින් පුළුල් පරාසයක ආහාර තෝරා ගැනීමක් සිදු කිරීමට අවස්ථාව හිමිවේ.

නවීන පන්නයේ අත්දැකීම් ලබාදෙමින් සෞඛ්‍ය සම්පන්න හා සාම්ප‍්‍රදායික ශ‍්‍රී ලාංකික ආහාර වේලක් කෙරෙහි අවධානය යොමු කර සිලෝන් බයි ද ඇවිනිව් විිසින් උදෑසන විචිත‍්‍රවත් උදෑසන ආහාර මෙනුවක සිට රාත‍්‍රී ආහාර මෙනුවක් දක්වා වන විශාල ආහාර මෙනුවක් සකස් කර ඇත.

කෘතිම රසකාරකවලින් තොරව, සිලෝන් බයි ද ඇවිනිව්හි සකස් කරන ස්වභාවික කුළුබඩු එකතුවකින් සිය ආහාර සකස් කරයි. ඒ අතරම දේශීය කිතුල් නිශ්පාදකයාට හා කිරි නිශ්පාදකයාට වටිනාකමක් ලබාදෙමින් ස්වභාවික කිතුල් පැණි හා කිරි නිශ්පාදන සදහාද සිලෝන් බයි ද ඇවිනිව් හි ඉඩක් වෙන් කර තිබේ.

දිනපතා උදෑසන හතේ සිට රාත‍්‍රී නමය දක්වා ඔබේ ප‍්‍රියතම ආහාර වට්ටෝරුව වෙනුවෙන් සිලෝන් බයි ද ඇවිනිව් විවෘතව පවතී.

Rate this item
(0 votes)