April 25, 2024

වේදිකා නාට්‍ය කලාකරුවන් සඳහා රක්ෂණාවරණයක්

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් උදෙසා රජය වියදම් දරමින් නාට්‍යවේදීන් 500 දෙනෙකු සදහා රක්ෂණාවරණයක් රජය විසින් ලබාදීමට කටයුතු කර තිබේ.

ඊයේ (16) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී මෙම උත්සවය පැවැත්විණි.

“ප්‍රේක්ෂා” හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයේ කලාකරුවන් වෙනුවෙන් ප්‍රදානය කිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ ලංකා ඉතිහාසයේ පළමු වතාවට මෙවැනි කටයුත්තක් සිදුවන බවයි.

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය සහ ටවර් හෝල් රඟහල පදනම එක්ව ක්‍රියාත්මක කරන ප්‍රේක්ෂා හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණාවරණය ප්‍රදානය සඳහා ජනශක්ති රක්ෂණ සමාගම ද එක් වේ.

ඒ අනුව මෙම රක්ෂණ ක්‍රමය යටතේ සාමාජිකයෙකුගේ අභාවයක දී රුපියල් ලක්ෂ දෙකක්, හදිසි අනතුරකින් වන මරණයක දී රුපියල් ලක්ෂ හයක්, පූර්ණ කාලීන ආබාධිත තත්ත්වයක දී රුපියල් ලක්ෂ හතරක්, අසාධ්‍ය රෝග ආවරණයක් වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක්, මුදල් රහිත රෝහල්ගතවීමේ ප්‍රතිලාභය වසරකට උපරිම රුපියල් එක්ලක්ෂ පනස් දහසක්, බාහිර රෝගී අංශ ප්‍රතිකාර සඳහා වසරකට රුපියල් පහළොස් දහසක් දක්වා ප්‍රතිලාභ ලබා දෙයි.

Rate this item
(0 votes)