April 16, 2024

ශ්‍රී ලන්කන් ගුවන් සේවය නව මුහුණුවරකින් සිය වෙබ් අඩවිය එළි දක්වයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය වැඩිදියුණු කරන ලද නව විශේෂාංග සහිත www.srilankan.com වෙබ් අඩවිය එළි දක්වා තිබේ .

මෙම නව වෙබ් අඩවිය ක්ෂේත්‍රයේ ප්‍රමිතීන්ට අනුව සහ උසස්ම තත්වයේ භාවිතාවන්ට අනුකූලව , වඩා හොද කාර්යය සාධනයක් ලබා දීමේ අරමුණින් නිපදවා තිබේ .

ඒ අනුව ගුවන් මගීන්ට සංචාරක අවශ්‍යතා සහ නවතම යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම , ටිකට් පත් වෙන් කරවා ගැනීම , ව්‍යාපාරික පංතියට උසස් කිරීමක් ඉල්ලා සිටීම , අමතර නිදන කාමරයක් සහිත ආසනයක් ලබා ගැනීම ,ආසනයක් උසස් ලෙස වෙන් කරවා ගැනීම , ආහාර පිළියෙල කිරීම , මාර්ගගත පිරික්සුම , පැය 24 පුරා සම්බන්ධතා සහාය , ගමන් මලු හැසිරවීම , ගුවන් තොටුපළ සහ ගුවන් යානය පිළිබඳ විස්තර , යෙදුම් බා ගත කිරීමේ උපදෙස් , කොවිඩ් - 19 පිළිබඳ යාවත්කාලීන සංචාරක තොරතුරු මෙන්ම ලොව පුරා ගමනාන්ත 113 කට අධික සංඛ්‍යාවක් වෙත ගාස්තු දැන ගැනීමේ හැකියාව ද තිබේ .

මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ නව වෙබ් අඩවිය නව ගෝලීය ප්‍රමිතීන්ට අනුව උසස් ලෙස නිර්මාණය කර තිබෙන අතර ෆේස් බුක් , ටුවිටර් , යූ ටියුබ් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ඔස්සේ ද සම්බන්ධ විය හැකිය .

(කටුනායක - ටී.කේ.ජී.කපිල)

Rate this item
(0 votes)
Last modified on Thursday, 04 March 2021 16:35