March 29, 2024

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මාලදිවයින වෙත වාර්තාගත ගුවන් භාණ්ඩ තොගයක් රැගෙන යයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය 2021 පෙබරවාරි මාසය තුළ මාලදිවයින වෙත කිලෝ ග්රැම්  මිලියන 1.2 ක් බර ගුවන් භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් වාර්තාවක් පිහිටුවා ඇතැයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය.

මාලදිවයින කොරෝනා වසංගත රෝගී තත්වය හමුවේ ජනප්‍රිය ගුවන් ගමන් ගමනාන්තයක් වී ඇති අතර , එම රටට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගුවන් මගින් ගෙන්වා ගැනීමට පියවර ගෙන තිබුණි .

එම තත්වය සැළකිල්ලට ගනිමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙසේ කිලෝ ග්රැම් මිලියන  1.2 ක් බරැති භාණ්ඩ තම ගුවන් යානා මගින් එරට මාලේ ගුවන් තොටුපළ වෙත ප්‍රවාහනය කර තිබුණි .

එසේම ශ්‍රී ලංකාවේ කොළඹ සිට මාලදිවයින වෙත කිලෝ ග්රැම් මෙට්‍රික් ටොන් 500 ක් බර භාණ්ඩ තොගයක් අපනයන ලෙස  ගුවන් මගින් ප්‍රවාහනය කර තිබූ අතර , මාලදිවයිනේ සිට කිලෝ ග්රැම් මෙට්‍රික් ටොන් 188 ක් බර භාණ්ඩ තොගයක් ආනයන ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් යානා මගින් කොළඹට රැගෙන විත් තිබුණි .

මීට අමතරව එංගලන්තයේ ලන්ඩන් , ජපානයේ ටෝකියෝ සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි වෙත ද ශ්‍රී ලන්කන් ගුවන් සේවය තම ගුවන් යානා මගින් භාණ්ඩ ප්‍රවාහනය කර තිබේ .

Rate this item
(0 votes)
Last modified on Wednesday, 03 March 2021 12:46