April 23, 2024

මහජන බැංකුවේ වනිතා වාසනා සමඟ ඉතිරි කර ජිවිතය ජයගන්න

ආදරණීය මවක, දියණියක, යෙහෙළියක, සොහොයුරියක ලෙස විවිධ භුමිකාවන් ඔස්සේ සිය පවුලේ ස්ථාවරත්වය නඟා සිටුවීමට දිරිය දෙන ඇය,  තවත් විටෙක ශ්‍රමය සපයන්නියක,  බුද්ධිය මෙහෙයවන්නියක,  තීරණ ගන්නියක හා නායකත්වය සපයන්නියක ලෙස රටෙහි ආර්ථිකය නඟා සිටුවීමට ද උරදෙයි.

එසේ පවුලේ, සමාජයේ මෙන්ම මාතෘ භුමියේ ද හෙට දිනය වෙනුවෙන් නිරන්තරයෙන් තම ශ්‍රමය කැපකරන ශ්‍රී ලාංකීය කාන්තා පරපුර විසින් සිදුකරන අමිල මෙභෙවරට ගෞරව ප්‍රණාම දැක්වීමට මාර්තු 08 දිනට යෙදෙන ජගත් කාන්තා දිනය සමරමින් මහජන බැංකුව ද එක්වෙයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ක්‍රියාවලි කළමනාකරණ හා තත්ව ආරක්ෂණ/ පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) රේණුකා ජයසිංහ මහත්මිය-

“සකසුරුවම දෝතින්ම උරුම කරගත් ශ්‍රී ලාංකීය කාන්තා පරපුරට ඉතිරි කිරිම් තවදුරටත් ප්‍රගුණ කරන්නට ඉඩ ප්‍රස්ථා සලසා දෙමින් 1993 වසරේදී ජගත් කාන්තා දිනයට සමගාමීව වනිතාවන් වෙනුවෙන් “වනිතා වාසනා” ඉතුරුම් ගිණුම මහජන බැංකුව විසින් හඳුන්වා දුන්නා.  මෙරට වාණිජ බැංකුවක් කාන්තාවන් සඳහාම විශේෂයෙන් හඳුන්වා දුන් ප්‍රථම ගිණුම වන්නේ වනිතා වාසනා ගිණුමයි.

එතැන් පටන් වනිතා ඉතුරුම් දිරිගැන්වීමෙන් මෙන්ම විවිධ ණය පහසුකම් ලබාදීමෙන් දේශයේ කාන්තාව නැංවීම හා එමඟින් පවුලේ ආර්ථිකය නගා සිටුවීමට ද,  රටේ ආර්ථික නවෝදයට ඉතුරුම් තුළින් ප්‍රබල දායකත්වයක් ලබාදීමට ද “වනිතා වාසනා” කාන්තා ඉතුරුම් ගිණුම තුළින් මහජන බැංකුවට හැකිවුනා. ඒ අනුව ශ්‍රි ලාංකීය වනිතා පරපුරේ ඉතිරිකිරිමේ සිරිත දිරිගැන්විම සහ ආර්ථික ශක්තිය දියුණු කිරිමේ අරමුණින් මහජන බැංකුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය තේමාකරගනිමින් වනිතා වාසනා ගිණුමින් සුවිශේෂි ප්‍රතිලාභ රැසක් ලබාදෙනවා.

කොවිඩ් 19 වසංගත තත්වය තුළ පසුගිය වසර තුළ අපිට මුහුණ දීමට සිදුවුනේ පෙර අපේක්ෂා කළ නොහැකි අභියෝගයන්ට. විශේෂයෙන් වසංගත තත්වයෙන් ව්‍යාකුලවූ සමාජ ආර්ථික වටපිටාව තුළ පවුලේ ආර්ථිකය කළමනාකරණය කරගැනීමේලා සුවිශේෂි කාර්යභාරයක් කාන්තාව වෙත පැවරුනා. එමෙන්ම එළඹ ඇති නව සාමාන්‍ය තත්වය තුළත් කාන්තාව වෙත පැවරී ඇති භුමිකාව සුවිශේෂියි. මෙවර ජාත්‍යන්තර කාන්තා දිනයේ අපගේ තේමාව වන්නේ ‘නොසැලී අධිෂ්ඨානයකින් යුතුව අභියෝගවලට මුහුණ දීමට ඉතිරි කරමු’ යන්නයි.

මහජන බැංකුව මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන්ම‘Vanitha Vasana Smart Ladies’ සය මාසික ඉතුරුම් තැන්පතු සහතිකය හඳුන්වා දෙනවා. මෙම සහතික රුපියල් 25000/=, රු. 50000/=, රු 100,000/= සහ රු. 250,000/= යන වටිනාකම් වලින් යුක්තයි. මෙහි විශේෂත්වය වන්නේ සාමාන්‍ය ඉතුරුම් ගිණුමට ලැබෙන පොලියට වඩා 30% ක බෝනස් පොලියක් ගිණුම ආරම්භයේදීම ලැබීමයි.”

එමෙන්ම ජාත්‍යන්තර කාන්තා දිනයේ දී එනම් මාර්තු 08 වැනි දින ‘Vanitha Vasana Smart Ladies’ ගිණුම් විවෘත කරන වනිතාවන්ට වටිනා සමරු තිළිණයක් සමඟ දිවයිනේ ප්‍රමුඛතම වෙළඳ ආයතන මඟින් වට්ටම් වව         ුචර්ද පිරිනැමේ.

වනිතා වාසනා ගිණුමට සමගාමීව අරපිරිමැස්ම ඔස්සේ වනිතා පරපුරේ ආර්ථික ශක්තිය ක්‍රමානුකුලව ඉහළ නැංවීමේ පරමාර්ථයෙන් වනිතා වාසනා Money Planner ආයෝජන සැලසුම් ගිණුම ද හඳුන්වා දී ඇත. වසර අවසානයේ ඔබ ඉතිරිකිරිමට බලාපොරොත්තු වන මුදල අනුව රු. 10,000/=,  රු.25,000/=,  රු. 50,000/=,  රු. 100,000/=,  රු. 250,000/=,  රු. 500,000/= වටිනාකමින් යුත් මෙම ආයෝජන සැලසුම් හඳුන්වා දී ඇත. 

එමෙන්ම මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් වනිතා වාසනා ගිණුම වෙනුවෙන්ම සන්නාමය කරන ලද හර කාඩ්පතක් (Branded Debit Card) හඳුන්වා දෙයි. මෙම කාඩ්පත භාවිතාකරමින් පහසුවෙන් මුදල් ලබාගැනීම, ගිණුම් ශේෂය විමසීම, රහස්‍ය අංකය වෙනස් කිරිම වැනි සේවාවන්ද ලබාගත හැකියි. එමෙන්ම KIOSK යන්ත්‍රය ඔස්සේ බිල්පත් ගෙවීම, උකස් වාරික ගෙවීම වැනි සේවාවන් ලබාගත හැක. මීට අමතරව මහජන බැංකුව, ලංකා පේ (Lanka Pay) ජාලය සමග සම්බන්ධව සිටින නිසා එම ජාලයට සම්බන්ධ බැංකු 20 කට අධික ප්‍රමාණයකදි වනිතා වාසනා කාඩ්පත් හිමියන්ට ගනුදෙනු සිදු කළ හැකියි. එමෙන්ම මෙම කාඩ්පත් හිමියන්ට ඩිජිටල් බැංකුකරණයේ අසීමිත සුවපහසුව හිමිවන නිසා කාඩ්පත භාවිතයෙන්, ප්‍රවර්ධනය කාලය තුළ වෙළඳසැල් රැසකින් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබට වට්ටම් හිමිවේ. එමෙන්ම වනිතා වාසනා ගිණුම් හිමියන්ට ‘මහජන බැංකුවේ ස්වර්ණ ප්‍රදීප’ උකස් ණය සඳහා 0.5%ක පොලි සහනයක් හිමිවේ.

නිසි සැලසුමක් අනුව ක්‍රමවත්ව ඉතිරි කළහොත්  අනාගත මූල්‍ය සුරක්ෂිතතාවය සලසා ගැනීමට මෙම ඉතුරුම් ක්‍රම හරහා මහඟු අත්වැලක් සැලසේ. විශේෂයෙන්ම උසස් අධ්‍යාපනයට,  විදේශගතවීමට,  ස්වයංරැකියාවකට,  වෙළෙඳ ව්‍යාපාරයකට හෝ පවුලේ හදිසි අවශ්‍යතාවයකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා මුදලක් තමා සතු වේ නම්,  එය වනිතාවන්ගේ ආත්ම විශ්වාසය තවදුරටත් ඉහළ නංවන්නකි.  ක්‍රමවත් සැලසුමකට ඔබ ඉතිරිකරන මුදල ජිවන මංපෙතේ ඔබ මුහුණදෙන කවර අභියෝගයකට වුවද නොසැලී මුහුණදිමට හැකි ආත්ම විශ්වාසයක් ඔබ හද තුළ ජනිත කරන බව නිසැකය.

ඉදින් මහජන බැංකුව කාන්තා ඔබ වෙනුවෙන්ම වනිතා වාසනා ගිණුම හඳුන්වා දි ඇත්තේ ඔබගේ ඉතිරිකිරිමේ සිරිත දිරිගැන්විම සඳහාමයි. අනාගතය දෙස සුබවාදිව බලන කාන්තා ඔබටත් වනිතා වාසනා ගිණුම සමඟ එක්වී, ඔබේ සිහින සැබැකරගෙන ලෝකයම ජයගන්නා මෙන් මහජන බැංකුව ගෞරවයෙන් ආරාධනා කර සිටී.

Rate this item
(0 votes)