April 25, 2024

ඩෙටෝල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පුද්ගල ආරක්ෂණ කට්ටල 3000 ක් පරිත්‍යාගකරයි

February 19, 2021

පසුගිය වසර පුරා කොවිඩ් මඩින සටනට දැක්වූ අඛණ්ඩ දායකත්වය තවත් පියවරක් ඉදිරියට ගෙන යමින්, රෙකිට් බෙන්කිසර් ලංකා සමාගමේ ඩෙටෝල් සන්නාමය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පුද්ගල ආරක්ෂක කට්ටල 3000 ක් පසුගියදා පරිත්‍යාග කෙරිණි.

මෙම පුද්ගල ආරක්ෂක කට්ටල තොගය පසුගියදා ඩෙටෝල් නියෝජිතයින් පිරිස විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී නිල වශයෙන් බලධාරීන් වෙත ලබා දෙන ලදී.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගල සනීපාරක්ෂක සන්නාමය වන ඩෙටෝල් දශක පහකට අධික කාලයක් පුරා මිලියන ගණනාවක් ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසය දිනූ ජනප්‍රියතම සන්නාමයකි. සිය ආයතනික සමාජ වගකීම් කෙරෙහි සුවිශේෂී සැළකිල්ලක් දක්වන ඩෙටෝල්" පසුගිය වසරේදී කොවිඩ් වසංගතය මෙරට ව්‍යාප්ත වීමත් සමඟ සිය සම්පූර්ණ අවධානය සහ අරමුදල් කොවිඩ් මඩින සටන වෙනුවෙන් යොමු කිරීමට කටයුතු කළේය.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය, දුම්රිය දෙපාර්තමේන්තුව වැනි ආයතන රැසක් සමඟ සහයෝගයෙන් ව්‍යාපෘති ගණනාවක් ඩෙටෝල් විසින් ක්‍රියාත්මක කරන ලදී. රෝහල්වල සහ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල ජංගම දෑත් සේදීමේ ඒකක ස්ථාපිත කිරීම" නිසි සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම සෞඛ්‍ය අංශ වෙත සනීපාරක්ෂක නිෂ්පාදන පරිත්‍යාංග කිරීම දළඳා මාලිගාව හලාවත මුන්නේස්වරම් කෝවිල ඇතු`ඵ ආගමික සිද්ධස්ථාන සහ පොලිස් ස්ථාන වැනි පොදු ස්ථාන විෂබීජහරණය කිරීම ඒ අතරින් ප්‍රමුඛතම ව්‍යාපෘති වේ.

ඊට අමතරව ඩෙටෝල් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව මාතලේ හා පුත්තලම දිස්ත්‍රික්කවල පාසල් 25 ක සිසුන් වෙනුවෙන් දෑත් සේදීමේ ඒකක ස්ථාපනය කරන ලද අතර සිසුන් 30000 කට අධික ප්‍රමාණයක් ආවරණය වන පරිදි දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කර ඇත.

Rate this item
(0 votes)