April 18, 2024

මහජන බැංකුවෙන් විශ්ව විද්‍යාල අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප්ටොප් පරිගණක

February 11, 2021

රජයේ සෞභාග්‍යයේ දැක්ම වැඩපිලිවෙළට අනුව මහජන බැංකුව, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා එක්ව 2019/20 අධ්‍යයන වර්ෂය තුළ විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප් ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහනේ සමාරම්භය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

මහජන බැංකුව මෙම ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 03කි. මේ යටතේ ලබාදෙන උපරිම ණය මුදල රු 100,000 කි. මෙහි උපරිම සහන කාලය වන වසර 4 ක් ද ඇතුඵව උපරිම ආපසු ගෙවීමේ කාලය වසර 6 කි. සහන කාලය තුළදි මාසික ණය වාරිකයට අදාළ පොලිය පමණක් ගෙවීමට සිසු සිසුවියන් හට අවස්ථාව ලබාදී තිබීම විශේෂත්වයකි.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Rate this item
(0 votes)