March 29, 2024

AMW වෙතින් සහතික කළ Yamaha යතුරුපැදි පූර්ණ වගකීම් සහතිකය සමඟ අසමසම මිලකට

February 08, 2021

1981 වසරේ සිට යමහා මෝටර් කම්පැනි ලිමිටඩ් (Yamaha Motor Company LTD) හි ශ්‍රී ලංකාවේ බලයලත් නියෝජිත වශයෙන් කටයුතු කරන ඇසෝසියේටඩ් මෝටර්වේස් පුද්ගලික සමාගම (AMW),  ශ්‍රී ලාංකික යතුරුපැදි ලෝලීන්ට, මුදලට සරිලන වටිනාකමක් සමඟ ජාත්‍යන්තර මට්ටමේ යතුරුපැදියක් හිමිකර ගැනීමට අවස්ථාව ලබාදෙන නව සේවාවක් දියත් කර ඇත. Yamaha වෙතින් ගෙනෙන මෙම සුවිශේෂී සේවාව හරහා භාවිතා කරන ලද Yamaha යතුරුපැදි/ස්කූටර AMW සමාගම විසින් නැවත මිලදී ගෙන, මුළුමනින්ම නැවත සකස් කර (රීකන්ඩිෂන්), අලුත්ම යතුරුපැදියක් හා සමාන ධාවන තත්ත්වයෙන් ඇදහිය නොහැකි මිලකට ප්‍රති අලෙවි කිරීම සිදු කෙරේ. මෙම සේවාව AMW විසින් ඉදිරියට අඛණ්ඩවම ලබාදීමට නියමිත සේවාවක් වන අතර Yamaha යතුරුපැදි ලෝලීන්ට නව අංග රැසක් සමඟ පරිපූර්ණ සේවාවක් ලබාදීම මෙහි අරමුණ වේ.

මෙම නව සේවාව පිළිබඳ විස්තර කරන AMW මගී වාහන අංශයේ අධ්‍යක්ෂ යොහාන් ද සොයිසා මහතා මෙසේ පැවසීය. “Yamaha සන්නාමය වටා බැඳුණු සැබෑ යතුරුපැදි සංස්කෘතියක් නිර්මාණය කිරීම හැමදාමත් අපගේ මූලිකම අරමුණක් වී තිබුණා. මෙම නව සේවාව දීර්ඝ කාලීන දැක්මක් ඇතිව දියත් කරන ලද, යතුරුපැදිකරුවන්ට උසස් ගණයේ අත්දැකීමක් ලබාදෙන සේවාවක්”

ඉහළම පුහුණුක් සහිතව, දැඩි කැපවීමෙන් වෘත්තීයමය සේවාවක් සපයන සේවා මධ්‍යස්ථාන සහ අලෙවි නියෝජිතයන් 200 කට අධික ජාලයක් සමඟ ක්‍රියාත්මක Yamaha - AMW සමාගම, දශක ගණනාවක පළපුරුද්ද ඇති ඕනෑම පාරිභෝගිකයෙකුට ගැළපෙන පරිදි සේවාවන් ලබාදීමට හැකියාව ඇති සමාගමකි. තවද, නියම අමතර කොටස් සහ නවීනතම තාක්ෂණය භාවිතයෙන්, වෙනත් කිසිදු තැනකින් ලබාගත නොහැකි ගුණාත්මක සේවාවක් යතුරුපැදි ධාවකයන්ට සහතික කරනු ලැබීම මෙම සේවාවේ විශේෂත්වයකි. රිකන්ඩිෂන් කරන ලද සියලුම යතුරුපැදි සඳහා මාස 3ක හෝ කිලෝමීටර 3000 ක වගකීමක් ලබාදෙන අතර තැරැව්කාර ගාස්තු හෝ වෙනත් අමතර ගාස්තු නොමැතිව, විනිවිදභාවයෙන් යුතු මිල ගණන් යටතේ නිර්ණය කර ඇත.

AMW - Yamaha නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහරාන් සියාවුදීන් මහතා මේ පිළිබඳව සිය අදහස් දක්වමින් මෙලෙස පැවසීය, “Yamaha යතුරුපැදි සෑම විටම යතුරුපැදියේ තත්ත්වය, අලෙවියෙන් පසු සේවාව මෙන්ම ගෙවන මුදලට ඉහළ වටිනාකමක් ලබා දීම අතින් මෙරට යතුරුපැදිකරුවන්ගේ පළමු තේරීම වී තිබෙනවා. මෙම නවතම සේවාව සමගින් AMW පූර්ණ වගකීම සහ සහතිකය සහිත Yamaha රීකන්ඩිෂන් යතුරුපැදි, අසමසම මුදලකට දිවයින පුරා Yamaha අලෙවි මධ්‍යස්ථාන වෙතින් ලබාගන්නට ඉඩකඩ විවර කර තිබෙනවා” යැයි පැවසීය.

ඉදිරියේදී අන්තර්ජාල වේදිකාවන් කිහිපයක් හා සම්බන්ධ වෙමින් මෙම නව සේවාව දිවයිනේ ඕනෑම තැනක සිට, ඕනෑම අයෙකුට ලබා ගත හැකි වන ආකාරයට දියුණු කිරීමට AMW - Yamaha සමාගම අපේක්ෂා කරයි. ඒ හරහා විනිවිදභාවය තවදුරටත් වර්ධනය කරමින් පරිශීලකයින්ට ඔවුන්ගේ යතුරුපැදි/ ස්කූටර පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැකි වන අතර මිල ගණන්, විකල්පයන් සංසන්දනය කිරීමටත්, පහසුවෙන් තමාට අවශ්‍ය යතුරුපැදිය මිලදීගැනීමටත් පාරිභෝගිකයාට අවස්ථාව හිමි වේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 08 February 2021 12:55