March 28, 2024

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නාගරාජ ශාඛ්‍ය පුත‍්‍ර ඥාති වෛද්‍ය රක්ෂණාවරණය හඳුන්වා දෙයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ සහ උන්වහන්සේලාගේ පවුලේ සාමාජිකයන් සඳහා රැුකවරණය සැලසීම සඳහා ‘නාගරාජ’ නමින් විශේෂ රක්ෂණාවරණයක් හඳුන්වාදී තිබේ.
 
මෙම රක්ෂණාවරණය සඳහා වන රක්ෂණ ඔප්පුව නිල වශයෙන් භාරදීම පසුගියදා අරලියගහ මන්දිරයේදී සිදුවූ අතර මේ සඳහා මහා නාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය, අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජාතික උරුමයන්, ප‍්‍රාසාංගික කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක මහතා සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ඉහළ නිලධාරීන්, ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ජගත් වැල්ලවත්ත මහතා ඇතුළු ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ඉහළ කළමනාකාරිත්වය මේ සඳහා සහභාගී වූහ.
 
මෙම සුවිශේෂී ”නාගරාජ” රක්ෂණ යෝජනා ක‍්‍රමය දිවයින පුරා පිහිටි ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ශාඛාවලින් ලබා ගත හැකි අතර රු. 2000/-ක වටිනාකමකින් යුතු රක්ෂණාවරණය මිලදීගෙන පිරිකර ලෙස සංඝයා වහන්සේලා සඳහා පූජා කළහැකි ලෙස සැලසුම් කර තිබේ. මෙම ‘නාගරාජ’ රක්ෂණාවරනයද ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මගින් ක‍්‍රියාවට නංවා ඇති ශ‍්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම රැකවරණය සැලසීම අරමුණු කරගත් ‘සැමට රක්ෂණයක්‘ සංකල්පය යටතේ ක‍්‍රියාත්මක වේ.
 
‘නාගරාජ ‘රක්ෂණ ක‍්‍රමය යටතේ රජයේ හෝ පෞද්ගලික රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ගැනීමේදී එක දිනක් සඳහා රු. 1000/- බැගින් උපරිමය දින 15ක් දක්වා ලබාදෙන අතර , වෛද්‍ය නිර්දේශ මත පිටතින් ලබාගන්නා බෙහෙත්, පරීක්ෂණ, එක්ස්-රේ කිරණ රශ්මි හා රේඩියම් පරීක්ෂණ හා විදුලිමය ප‍්‍රතිකාර සඳහා රු. 25,000/- ලබාදේ.

Rate this item
(0 votes)