March 28, 2024

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව පාත්ෆයින්ඩර් සමුළු වාර්තාව ජපන් තානාපති අතට

December 05, 2020

ඉන්දියන් සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කරන දින තුනක විශේෂ ඔන්ලයින් සමුළුවක් පාත්ෆයින්ඩර් පදනම පසුගිය දා පැවැත්වීය.

රටවල් තිස් හයක රාජ්‍ය නියෝජිතයෝ, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, ක්ෂේත්‍රයේ විශේෂඥයන්, බුද්ධි මණ්ඩල නියෝජිතයන් සහ තෝරා ගත් සංවිධානවල නියෝජිතයන් එකසිය පනහකට වඩා සහභාගී වූහ. දෙස් විදෙස් මාධ්‍ය වලට පවා එය විවෘත කරන ලදී.

විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, ඇමරිකානු තානාපතිනි අලෙයිනා ටෙප්ලයිට්ස්, ජපානයේ තානාපති අකිරා සුගියාමා, මෙම සමුළුවේ සම සභාපති ධුරය හොබවන, ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශිවශන්කර් මෙනන් සහ පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඞ් ගුණතිලක පළමු දිනයේ දී සාකච්ඡාවලට සහභාගී  විය.

සමුදුර ආරක්ෂාව හා නාවික ගමනාගමනයේ නිදහස, ආසියානු කලාපයේ සබදතා තරකිරීම සහ ජාත්‍යන්තර සාමය බලවත් කිරීම මැයෙන් සංවාදය පැවැත්විණ.

Rate this item
(0 votes)