April 20, 2024

‘ලෝක වැසිකිළි දිනය 2020’ වෙනුවෙන් හාර්පික් කොවිඞ් 19 සටනට දායක වෙයි

November 25, 2020

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සනීපාරක්ෂක සන්නාමයක් වන හාර්පික් පසුගිය නොවැම්බර් 19 වැනි දිනට යෙදුණු ‘ලෝක වැසිකිළි දිනය’ (World Toilet Day 2020) වෙනුවෙන් විශේෂ සමාජ සත්කාර වැඩසටහන් ගණනාවක් දියත් කර තිබිණි. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම නොවැම්බර් 19 වැනි දින ‘ලෝක වැසිකිළි දිනය’ වශයෙන් නම් කර ඇති අතර එහි අරමුණ වන්නේ ලෝකය පුරා ප්‍රජාවන්ට බලපාන, ප්‍රමාණවත් සනීපාරක්ෂක පහසුකම් නොමැති වීම නම් දැවැන්ත සෞඛ්‍ය අර්බුදය පිළිබඳව දැනුවත්බව පැතිරවීමයි. සිය සමාජ වගකීම් පිළිබඳව නිරන්තරයෙන්ම සැළකිලිමත් වන සන්නාමයක් වශයෙන් හාර්පික් සෑම වසරකම ‘ලෝක වැසිකිළි දිනය’ සැමරීම සඳහා විශේෂ සමාජ සත්කාරක ව්‍යාපෘති දියත් කර ඇත.

ඒ අනුව මේ වසරේදී කොවිඞ් 19 අභියෝගය හමුවේ රට මුහුණ දී සිටින තත්ත්වය සැළකිල්ලට ගත් හාර්පික් සිය ‘හාර්පික් සුවජන මෙහෙයුම’ ව්‍යාපෘතියේ අරමුදල් යොදවමින් දිවයින පුරා රෝහල්වල සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීමට කටයුතු යොදා ඇත. එහි එක් පියවරක් වශයෙන් පසුගියදා සූරියවැව මහ රෝහලේ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කෙරුණු අතර ඒ යටතේ සනීපාරක්ෂක පහසුකම්වලට පමණක් සීමා නොවී සමස්ත රෝහලේම අඩුපාඩු සියල්ල නවීකරණය කිරීමට හාර්පික් විසින් කටයුතු යොදා තිබිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඩබ්.එච්. මහින්දරත්න මහතා මෙසේ පැවසීය. “දිනකට විශාල පිරිසක් පරිහරණය කරන සූරියවැව රෝහලේ සනීපාරක්ෂක පහසුකම් නැවත නංවාලීම සැබැවින්ම අපට අභියෝගයක්ව තිබුණා. විශේෂයෙන්ම දුෂ්කර පළාතක් වන සූරියවැව වැනි ප්‍රදේශයක මේ වැනි කටයුත්තක් සඳහා පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වීම අඩුයි. මේ තත්ත්වය යටතේ ‘ලෝක වැසිකිළි දිනය’ නිමිත්තෙන් හාර්පික් විසින් සිය අරමුදල් නොපැකිළව යොදවමින් මේ සත්කාර්යය ඉටු කිරීම ඉතාම ප්‍රශංසනීයයි. එහි ප්‍රථිඵලයක් වශයෙන් අද බොහෝ පිරිසකට අස්වැසිල්ලක් ලැබී තිබෙනවා. ඒ වගේම සනීපාරක්ෂාවේ පණිවිඩය මේ පිරිස අතර පැතිරවීමටත් හැකි වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මමත් සූරියවැව ප්‍රාදේශීය රෝහලේ කාර්ය මණ්ඩලයත් ‘හාර්පික් සුවජන මෙහෙයුම’ කණ්ඩායමට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා”

මේ පිළිබඳව අදහස් දක්වමින් රෙකිට් බෙන්කිසර් ලංකා සමාගමේ සනීපාරක්ෂක අලෙවි අංශ ප්‍රධානී චතුරිකා ෆොන්සේකා මෙනෙවිය පැවසුවේ “නොවැම්බර් 19 වැනි දිනට යෙදෙන ‘ලෝක වැසිකිළි දිනය’ සැමරීම සඳහා අපි සෑම වසරකම පොදු සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමට විශේෂ අවධානය යොමු කරනවා. වර්තමානයේදී රටේ පවතින තත්ත්වය නිසා මේ වසරේදී අපි අවධානය යොමු කළේ රෝහල් ආශ්‍රිතව පොදු සනීපාරක්ෂක පහසුකම් ඉහළ නැංවීමටයි. එහි එක් පියවරක් ලෙස සූරියවැව රෝහලේ සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමට අපට හැකි වුණා. මෙහි මීළඟ අදියරයන් යටතේ අනුරාධපුර මහ රෝහලත්, මහනුවර ආයුර්වේද රෝහලේත් සනීපාරක්ෂක පහසුකම් සංවර්ධනය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා”

හාර්පික් විසින් ගෙනයන සුවජන මෙහෙයුම වැඩපිළිවෙලෙහි විශේෂත්වය වන්නේ ඒ යටතේ සිදු කෙරෙන සමාජ සත්කාර ව්‍යාපෘති ලෝක වැසිකිළි දිනය පමණක් කේන්ද්‍ර කර නොගෙන වසර පුරාම අඛණ්ඩවම ක්‍රියාත්මක වීමයි. මේ වෙනුවෙන් හාර්පික් විසින් දැවැන්ත අරමුදලක් වෙන් කර ඇති අතර ‘හාර්පික් සුවජන මෙහෙයුම’ කණ්ඩායම වසර පුරාම අඛණ්ඩවම සිය සේවය අවැසි තැන්වලට එය ලබා දීමට කටයුතු කරයි. මේ සමාජ සත්කාර කටයුතු ප්‍රධාන අංශ 4 ක් ඔස්සේ සිදු කෙරෙන අතර ඒවා නම් පොදු සනීපාරක්ෂක පහසුකම් ඉදිකිරීම හා නවීකරණය, ලක්ෂ සංඛ්‍යාත ජනකායන් එක්රැස් වන ආගමික හා සංස්කෘතික උත්සව සඳහා ජංගම සනීපාරක්ෂක පහසුකම් සැපයීම, උපකාර අවැසි ශ්‍රී ලාංකිකයින් සඳහා සනීපාරක්ෂක පහසුකම් ඉදි කර දීම සහ සෞඛ්‍යාරක්ෂිත සනීපාරක්ෂක පිළිවෙත් සම්බන්ධයෙන් පාසල් දරුවන් තුළ ආකල්පමය වෙනසක් සිදු කිරීමට මූලිකත්වය ගැනීමයි.

“හාර්පික් සුවජන මෙහෙයුම’ හරහා අප විසින් කරනු ලබන ව්‍යාපෘතිවල විශේෂත්වය වන්නේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් මුහුණ දෙන ගැට`ඵවලට තිරසාර විසඳුම් ලබා දීමට අපි දරන උත්සාහයයි. ඒ නිසා හාර්පික් සුවජන මෙහෙයුම එක් දිනයකට පමණක් සීමා නොවී මු`ඵ වසර පුරාවටම නොනැවතී දිවයින පුරාම ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී කොවිඞ් 19 වසංගතය නිසා රටේ පවතින තත්ත්වය සැළකිල්ලට ගත් අපි ‘හාර්පික් සුවජන මෙහෙයුම’ සිය`ඵ ක්‍රියාකාරකම් කොවිඞ් සටනට මුහුණ දීම සඳහා ඉලක්ක කරමින් සිටිනවා”

හාර්පික් සුවජන මෙහෙයුම කොවිඞ් පළමු රැල්ල පැමිණි අවස්ථාවේදීද ඉතා ක්‍රියාකාරීව සෞඛ්‍ය අංශ වෙත සහය දැක්වූ අතර එවර ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ මහරෝහල සම්පූර්ණයෙන්ම නවීකරණය කිරීම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය හා එක්ව කොවිඞ් 19 සඳහා ප්‍රතිකාර කරන තවත් රෝහල් සහ පරීක්ෂණ මධ්‍යස්ථානවල පහසුව පිණිස සිය ජංගම වැසිකිළි ඒකක පිහිටුවීමටද හාර්පික් විසින් කටයුතු යොදා තිබිණි.

හාර්පික් යනු ලොව කීර්තිමත්ම පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන රෙකිට් බෙන්කිසර් සමාගමේ ප්‍රමුඛතම සනීපාරක්ෂක නිෂ්පාදනයකි. ඩෙටෝල්, ස්ටේ‍රප්සිල්ස්, වීට්, එයාර්වික්, ඩියුරෙක්ස් සහ ලයිසෝල් ආදී පාරිභෝගික විශ්වාසය දිනූ නිෂ්පාදන රැසක් ගෙනඑන රෙකිට් බෙන්කිසර් ලංකා සමාගම පසුගිය වකවානුව තුළ කොවිඞ් මඩින සටනට නන් අයුරින් දැවැන්ත දායකත්වයක් දක්වා ඇත.

Rate this item
(0 votes)