April 20, 2024

DFCC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් ගෙනෙන ඩිජිටල් සේවා රැසක්

November 13, 2020

රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන වාණිජ බැංකු අතරින් එකක් වන DFCC බැංකුව සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදී ඇති ප්‍රතිඥාව වන ‘කාටත් ගැළපෙන බැංකුව’ බවට පත්වීමේ උත්සාහයේ කොටසක් ලෙස, ක්ෂේත්‍රයේ පුරෝගාමී ඩිජිටල් සේවාවන් රාශියක් හඳුන්වා දෙමින් පාරිභෝගික අත්දැකීම සුවිශේෂී පරිවර්තනයකට ලක්කිරීමට සමත් වී ඇත. මෙම ඩිජිටල් සේවාවන් නිසා, රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ පවා ගනුදෙනුකරුවන්ට කිසිදු බාධාවකින් තොරව තමන්ට අවශ්‍ය බැංකු සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබී තිබේ. 

මෙරට බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම Virtual Wallet ක්‍රමය ලෙස 2015 වසරේදී හඳුන්වා දෙන ලද  DFCC Virtual Wallet සේවාව පසුගියදා නවීකරණයට ලක්කරන ලද අතර, බැංකු ශේෂයන්, පොලී අනුපාත, ස්ථාවර තැන්පතු වල කල්පිරීමේ දිනයන්, ණය ශේෂයන් සහ ගෙවීම් සිදුකළ යුතු දිනයන් ආදිය විමසීමේ හැකියාව ඇතුළු විශේෂාංග රාශියක් ඊට අලුතින් එක්වී ඇත. එමෙන්ම DFCC ක්‍රෙඩිට් කාඞ්පත DFCC Virtual Wallet සමග සම්බන්ධ කිරීම මගින් ක්‍රෙඩිට් කාඞ්පත් තොරතුරු, කාඞ්පත් සීමාවන්, ශේෂයන්, ගෙවිය යුතු අවම මුදල, ගෙවීම් කළ යුතු දිනය, කාඞ්පතේ තත්ත්වය, ක්‍්ිය ඊ්ජන ඍැඅ්රා වටිනාකම, කාඞ්පත භාවිතයෙන් සිදුකළ ගනුදෙනු සහ පසුගිය මාස 3 ට අදාළ ක්‍රෙඩිට් කාඞ්පත් ගිණුම් ප්‍රකාශ ආදිය පරීක්ෂා කළ හැකි වේ. දැනටමත් ෘත්‍ක්‍ක්‍ බැංකුවේ ගනුදෙනුකරුවන් වන පුද්ගලයන්ට DFCC Virtual Wallet app බාගත කරගෙන තම ඩෙබිට් කාඞ්පත භාවිතයෙන් එහි සේවාවන් සමග සම්බන්ධ විය හැකි අතර, නැතිනම් ක්ෂණික ඇමතුම් අංකය අමතා එය සක්‍රීය කරගත හැකි වේ. 

තවද DFCC බැංකු ගිණුම් අතර මුදල් හුවමාරු කිරීමේ හැකියාව ඇති අතර, CEFTS ක්‍රමවේදය හරහා වෙනත් බැංකු වල ගිණුම් වලට මුදල් බැරකිරීමටත්, ක්‍රෙඩිට් කාඞ්පත් වලට ගෙවීම් සිදුකිරීමටත් හැකියාව පවතී. CEFTS ගනුදෙනුවකින් පසුව අදාළ රිසිට් පත බාගත කරගෙන, මුදල් ලබන පාර්ශ්වය වෙත එය යොමුකළ හැකි වේ. අවශ්‍ය නම් Virtual Wallet ගිණුමට මුදල් ඇතුළත් කර, ජල, විදුලි හා දුරකථන වැනි සේවාවන් සඳහා වන බිල්පත් ගෙවීම, රක්ෂණ වාරික ගෙවීම සහ ජංගම දුරකථන වලට සම්බන්ධ ගිණුම් සඳහා මුදල් යැවීම වැනි සේවාවන්ද ලබාගත හැක. එපමණක් නොව DFCC Virtual Wallet app මගින් කාඞ්පත නොමැතිව මුදල් ආපසු ගැනීමේ හැකියාව ලැබෙන නිසා, රටපුරා විසිරුණු ATM යන්ත්‍ර 135 ක් සහ CRM යන්ත්‍ර 52 ක් වෙතින් මුදල් ආපසු ලබාගැනීමටද හැකියාව පවතී. 

නව විශේෂාංග රාශියක් සමගින් තම නිල වෙබ් අඩවිය යළි දියත් කිරීමටද  DFCC බැංකුව පසුගියදා කටයුතු කළේ ය. ඒ අනුව දැන් එම වෙබ් අඩවියට, ඉතුරුම් ගිණුම් හා විශේෂ තැන්පතු ගිණුම් ආරම්භ කිරීමේ අයදුම්පත් සහ ක්‍රෙඩිට් කාඞ් සඳහා ඉල්ලුම්පත් ආදිය මෙන්ම, ගනුදෙනුකරුගේ අවශ්‍යතාව අනුව තොරතුරු දක්වන ක්‍රෙඩිට් කාඞ්පත් ප්‍රවර්ධන පිටුවක් වැනි විශේෂාංග රාශියක් ඇතුළත් වී ඇත. එමෙන්ම ගනුදෙනුකරුවන්ගේ විමසීම් වලට වඩාත් ඉක්මනින් පිළිතුරු ලබාදීම සඳහා DFCC Chatz (Chat bot, live chat iy video chatz) සේවාවද දැන් වෙබ් අඩවියට ඇතුළත් කර තිබේ. මෙහි ඇති ක්‍රෙඩිට් කාඞ් සංසන්දන වගුව නිසා, ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් තමන්ට අවශ්‍ය කාඞ්පත තෝරාගෙන වෙබ් අඩවිය තුළින්ම අයදුම්පත ඉදිරිපත් කළ හැක. DFCC බැංකුව හඳුන්වා දෙන ප්‍රවර්ධන වැඩසටහන් මගහැරීයාම වැළැක්වීම සඳහා, එම ප්‍රවර්ධන වැඩසටහන් තම Google Calendar වලට ඇතුළත් කිරීමේ පහසුකමද දැන් ලබාදී තිබේ. 

ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ගත්විට, DFCC ‘MySpace Self Banking’ සංකල්පය මගින් ගනුදෙනුකරුවන්ට කාඞ්පත් සහිතව හෝ රහිතව මුදල් තැන්පත් කිරීම, මුදල් ආපසු ලබාගැනීම, ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා ගෙවීම් සිදුකිරීම, බිල්පත් ගෙවීම හා චෙක් තැන්පතු ආදිය සඳහා ATM, CRM චෙක් තැන්පතු යන්ත්‍ර සහ Pay-and-Go යන්ත්‍ර ආදිය භාවිතා කිරීමේ අවස්ථාව ලබාදී ඇත. DFCC බැංකුව යනු තම බැංකුවේ ATM හෝ CRM යන්ත්‍ර වෙතින් මුදල් ආපසු ලබාගැනීමේදී ගාස්තුවක් අය නොකරන බැංකු කිහිපය අතරින් එකකි. DFCC බැංකුවේ කCRM යන්ත්‍ර මගින් ගනුදෙනුකරුවන්ට එකම යන්ත්‍රයක් මගින් කාඞ්පත් සහිත හෝ රහිත මුදල් තැන්පත් කිරීම් හා ආපසු ගැනීම් සිදුකිරීමට අවස්ථාව හිමිවේ. මේ වනවිට දිවයිනේ ස්ථාන 52 ක DFCC බැංකුවේ CRM යන්ත්‍ර පිහිටුවා ඇති අතර, ගනුදෙනුකරුවන්ට පැය 24 පුරා පහසුවෙන් තම සේවාවන් ඉටුකර ගැනීමට හැකිවන ආකාරයට IOC සමාගම සමග එක්වී එම සමාගමේ ඉන්ධන පිරවුම්හල් වල ස්ථාපිත කළ යන්ත්‍ර 8 ක් ද මෙම ජාලයට ඇතුළත් ය. 

චෙක් තැන්පතු යන්ත්‍ර 9 ක් මේ වනවිට පිහිටුවා ඇති අතර, ඉදිරියේදී එය 16 ක් දක්වා වැඩිකිරීමට නියමිතව තිබේ. එමෙන්ම Mega Pay සමග එක්වී ස්ථාන 28 ක Pay-and-Go යන්ත්‍ර ස්ථාපිත කිරීමටද  DFCC බැංකුව පියවර ගත් අතර, මෙම යන්ත්‍ර වලින් ජංගම දුරකථන ගිණුම් වලට මුදල් ඇතුළත් කිරීමේ සහ බිල්පත්කරුවන් 55 ක් සඳහා ගෙවීම් සිදුකිරීමට අවස්ථාව පවතී. ෘත්‍ක්‍ක්‍ නියෝජිතයෙකු ගනුදෙනුකරු වෙත පැමිණ, ජංගම උපාංගයක් භාවිතයෙන් ක්ෂණිකව මුදල් තැන්පතු භාරගන්නා ජංගම ටෙලර් සේවාව නැවත දියත් කිරීමටද  DFCC පියවර ගෙන තිබේ. මෙම සේවාව නිසා, අදාළ ශාඛාවෙන් කිලෝමීටර් 20 ක් ඇතුළත සිටින ගනුදෙනුකරුවන්ට එම ස්ථානයේ සිටම මුදල් තැන්පතු සිදුකිරීමේ අවස්ථාව ලැබී ඇත. ඩිජිටල් ගෙවීම් ක්‍රම කිහිපයක්ද මෑතකදී හඳුන්වා දෙන ලද අතර, Lanka QR සහ Just Pay සමග ඒකාබද්ධ කරමින් DFCC Pay සේවාව හඳුන්වා දුන් ප්‍රථම බැංකුව බවට DFCC බැංකුව පත්විය. DFCC Pay app විදේශ රටවලදීද භාවිතා කිරීමට හැකිවන ආකාරයට ඪසි් සේවාවන් භාවිතා කිරීමටද අවස්ථාව සලසා දී තිබේ. 

Facebook Messenger, Viber හෝ DFCC වෙබ් අඩවිය ඔස්සේ DFCC chat bot සේවාව භාවිතා කිරීම මගින් ගනුදෙනුකරුවන්ට තමන්ට කැමති භාෂාවකින් සේවාවන් ලබාගත හැක. තවද රටේ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින්, ගනුදෙනුකරුවන්ට දුරස්ථ ක්‍රමයට වීඩියෝ ඇමතුම් මාර්ගයෙන් DFCC නියෝජිතයෙකු සමග සම්බන්ධ වීම සඳහා DFCC Video Chatz ක්‍රමයද දැන් හඳුන්වා දී තිබේ. 

මෙම පෙරළිකාරී හඳුන්වා දීම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා මෙසේ පැවසී ය.

“තාක්ෂණය අපගේ ජීවිත වලට කෙතරම් වැදගත්ද යන්න අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ. මේ මොහොතේ අපගේ වගකීම වන්නේ, ගනුදෙනුකරුවන්ගේ බැංකුකරණ අත්දැකීම හැකිතාක් පහසු කරන අතරම බැංකු ක්ෂේත්‍රයේ පෙරළියක් ඇතිකරන ආකාරයේ ඩිජිටල් නවෝත්පාදන හඳුන්වා දීමයි. අප දැනටමත් මේ ආකාරයේ ඩිජිටල් සේවාවන් රාශියක් හඳුන්වා දී ඇති නිසා, කොවිඩ් -19 වසංගතය හේතුවෙන් මුහුණ දීමට සිදුවී ඇති සීමාවන් හමුවේ පවා බාධාවකින් තොරව ගනුදෙනුකරුවන්ට සේවාවන් සැලසීමට අපට හැකිවී ඇති අතර, DFCC Virtual Wallet app හි සිට ගනුදෙනුකරුවන්ට වඩාත් පහසුවෙන් මුදල් ලබාගැනීමට හැකිවන ආකාරයට ජංගම ඒකක පිහිටුවීම දක්වා පරාසයක මෙම සේවාවන් විහිදී තිබෙනවා. මේ සියල්ල දෙස බලන විට, 2025 වසර වනවිට වඩාත්ම පාරිභෝගික කේන්ද්‍රීය බැංකුව බවට පත්වීමේ අපගේ ඉලක්කය සපුරාගැනීම සඳහා අපට අනිවාර්යයෙන්ම හැකිවන බව පැහැදිලියි.”

Rate this item
(0 votes)