March 28, 2024

කොරෝනාවෙන් පීඩාවට පත් වුවන්ගේ පිහිටට ඔරෙල් කෝපරේෂන්

නිරෝධායන ඇඳිරිනීතිය දීර්ඝ කාලයක් ක්‍රියාත්මක වීම හේතුවෙන් ජීවනෝපායන් අහිමි වූ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් සඳහා ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩ පිළිවෙලක් ඔරෙල් කෝපරේෂන් ( Orel Corporation ) ආයතනයේ අනුග්‍රහය ඇතිව ආරම්භ කෙරිණි. මෙහි ආරම්භක වැඩසටහන මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේදී පැවැත්විය.

ඒ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙනි. ප්‍රජා පොලිස් ඒකක වල සහයද මේ සඳහා ලැබී තිබේ.

මෙම අවස්ථාවට ඔරෙල් කෝපරේෂන් ( Orel Corporation ) ආයතනයේ සාමාන්‍යාධිකාරී චමින්ද ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

රුපියල් 2500 පමණ වටිනා වියලි ආහාර ද්‍රව්‍ය සහ එළවලු පාර්සල් 50 ක් , ප්‍රදේශයේ ආදායම් අහිමි වූ පවුල් 50 කට මෙහිදී බෙදා දුන්හ.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ කොරෝනා මර්ධන වැඩ පිළිවෙල මෙන්ම අපරාධ මර්ධ මර්ධන වැඩ පිළිවෙලද අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

චමින්ද ද සිල්වා මහතා අදහස් දක්වමින් කියා සිටියේ ශ්‍රී ලාංකික ආයතනයක් වන ඔරෙල් කෝපරේෂන් ( Orel Corporation ) නිරන්තරයෙන්ම මෙරට ජනතාව වෙනුවෙන් සේවය සලසන බවයි.

Rate this item
(0 votes)