April 20, 2024

මහජන බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව ‘The Best in Sri Lanka’ සම්මානයෙන් ඇගයුම් ලබයි

September 17, 2020

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නගරය මූලික කරගනිමින් පවත්වනු ලබන ජාත්‍යන්තර ARC සම්මාන උළෙල හෙවත් The International ARC Awardsys§ “Best in Sri Lanka Award” සම්මානයෙන් පිදුම් ලැබීමට මහජන බැංකුව සමත්වී සිටී. ලොව පුරා මුල්‍ය සේවා සමාගම් විසින් ප්‍රකාශයට පත්කරන වාර්ෂික වාර්තා ඇගයීමට ලක්කෙරෙන මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක්වූයේ 2019 වර්ෂය සඳහා මහජන බැංකුව විසින් පුරෝගාමීව (“the Frontier”) තේමාව යටතේ ප්‍රකාශයට පත්කරන ලද වාර්ෂික වාර්තාවයි. ඊට අමතරව මෙම සම්මාන උළෙලෙහිදී මහජන බැංකුව තවත් සම්මාන කිහිපයක්ම සිය නාමය ඉදිරියේ සටහන් කරගන්නට සමත්වීමද විශේෂ සිදුවීමකි. 

  ඒ අනුව

■   සම්ප්‍රදායික නොවන වාර්ෂික වාර්තාව වෙනුවෙන්  රන් සම්මානය

■  සභාපතිතුමාගේ ලිපිය වෙනුවෙන්  රන් සම්මානය

■  මුල් පිටුවේ ඡායාරූපය/ නිමාව, අභ්‍යන්තර සැකසුම හා මුද්‍රණය සහ නිෂ්පාදනය

   සඳහා රීදි සම්මාන ත්‍රිත්වයක් හිමිකරගන්නා ලදි.

 මෙම සුවිශේෂී ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා “ලෝකය පුරාම රාජ්‍යයන් 29කට අධික සංඛ්‍යාවක මුල්‍ය සේවා ක්ෂේත්‍රයට සම්බන්ධ ආයතන විසින් 1,690කට අධික අයදුම් සංඛ්‍යාවක් මෙම සම්මාන උළෙල වෙත ලැබී තිබුනා. ඒ අතරින් එම සමාගම් ප්‍රකාශයට පත්කරනු ලබන වාර්ෂික වාර්තා පළමු ස්ථාන 50 අතරට ගෙන ඒම සඳහා ක්ෂේත්‍රයෙහි කීර්තිමත් ස්වාධීන වෘත්තිකයින් 30කින් සමන්විත විනිසුරු මඬුල්ලක් විසින් අදාල ඇගයීම් සිදුකරන අතර, එම ශ්‍රේණිගත කිරීම් අතරට එක්වන්නට ලැබීම අපට විශාල ආඩම්බරයක්. 1961 වර්ෂයේ ඇරඹි මහජන බැංකුව ඊට පෙර වෙනත් කිසිදු බැංකුවක් ළඟා නොවූ ප්‍රජාවන් ඉලක්ක කරගනිමින් තම මුල්‍ය සේවාව ලබා දීමට කටයුතු කරනු ලැබුවා. ඒ හරහා ශ්‍රී ලාංකිකයින් බැංකු වෙත ප්‍රවේශවීමේ ඌනතාවය මගහැරී ගිය බවත් අපි සතුටින් සිහිපත් කරනවා. කොවිඞ්-19 වසංගත සමය තුළ බැංකුවක් වශයෙන් ඉදිරියට පැමිණෙමින් සිය වගකීම ඉටුකළ මහජන බැංකුව ජාතික ආර්ථිකය ස්ථාවරව පවත්වා ගන්නට විශාල ශක්තියක් වූ බවත් සිහිපත් කර සිටිනවා. පුද්ගලිකව අපගේ ජයග්‍රහණයන් ගැන කතාකරනවාට වඩා මීට පෙර අප විසින් අත්විඳ නොමැති මෙවැනි ආකාරයේ අර්බුදකාරී කාලසමයක අපට අවශ්‍ය වුනේ රටේ යහපැවැත්ම ආරක්ෂා කරගනිමින් බැංකුවක සේවාව ජාතික වගකීමක් සේ සලකා අපගේ සේවය ලබාදීමයි.”    

මහජන බැංකුවේ 2019 වාර්ෂික වාර්තාව හිමිකරගත් සුවිශේෂී සම්මානනීය ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී රංජිත් කොඩිතුවක්කු මහතා “ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය තුළ සෑම අතින්ම අප පෙන්වන හැකියාවන්හි විශිෂ්ටත්වයයි මෙම සම්මාන හරහා තහවුරු වන්නේ. අපගේ 2019 වාර්ෂික වාර්තාව අභියෝගාත්මක කාලසීමාවන්හිදී පවා කාර්යසාධන මට්ටම විශිෂ්ට තලයක පවත්වා ගන්නට හා සාර්ථකත්වය ළඟා කරගන්නට අප කටයුතු කළ ආකාරය විස්තර කරනවා. 2020 වර්ෂයේ පළමු මාස 6 තුළ බැංකුවේ ආදායම පහළ යාමක් පෙන්නුම් කළ අතර, ගතවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ ආදායම් මාර්ග අහිමිවී අසරණ වුනු ගනුදෙනුකරුවන් වෙනුවෙන් ලබා දුන් ණය පොලී සහන කාලසීමා පහසුකම එම තත්ත්වයට බලපාන ලද බවත් කියාසිටින්න කැමතියි. අපගේ ගනුදෙනුකරුවන් වෙත ලබා දුන් ණය සහනයෙහි තක්සේරුගත වටිනාකම රුපියල් බිලියන 5කට අධික බවත් කිව යුතුයි. කෙසේ වුවත් බැංකුව දූරදර්ශි ලෙස කළ ගොඩනඟන ලද ශක්තිමත් ණය, ජංගම හා ඉතුරුම් තැන්පතු පදනමින් සමන්විත සමස්ත ශේෂ පත්‍රය එක්වූ විට වසර අවසානයේ ශක්තිමත් ප්‍රතිපලයක් පෙන්නුම් කිරීමට අප අපේක්ෂා කරනවා. මීට අමතරව ඉලක්කගත ප්‍රතිපල මට්ටම ගැනම නොසිතා සිය සේවාව ජාතික වගකීමක් සේ සලකා කටයුතු කිරීමට හැකිවීම ගැන මහජන බැංකුව ලෙස අප සාඩම්බරයට පත්වනවා.

1961 වර්ෂයේ අංක 29 දරන මහජන බැංකු පනතින් ස්ථාපිත කරන ලද මහජන බැංකුව මෙරට දෙවැනියට විශාලතම මුල්‍ය සේවා සැපයුම්කරුවා බවට මේවන විට පත්ව සිටී. රුපියල් ටි්‍රලියන 2.1කට වැඩි ඒකාබද්ධ වත්කම් හා ගිණුම් මෙන්ම 16ග0්‍රකට ආසන්න බැංකු ක්ෂේත්‍ර වත්කම් මට්ටමක් මහජන බැංකුව සතුය. වර්තමානයේදී දිවයින පුරා මහජන බැංකුවේ ශාඛා හා සේවා මධ්‍යස්ථාන 741ක් පිහිටා තිබෙන අතර, බැංකුවේ ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියන 14 ඉක්මවයි. එය බැංකු ක්ෂේත්‍රයේ දැවැන්තම ගනුදෙනුකාර පදනම බව මහජන බැංකුව පවසා සිටින්නේ මහත් ආඩම්බරයෙනි. එක්සත් රාජධානියේ ද බෑන්කර් සඟරාවට අනුව මහජන බැංකුව ලෝකයේ බැංකු සමාගම් ශ්‍රේණිගත කිරීම් අතර පළමු 1,000 අතරට ශ්‍රේණිගතවී සිටින අතර, Tier I මට්ටමේ රැඳී සිටී. දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන් අති විශාල සම්මානනීය ඇගයීම් ප්‍රමාණයකට හිමිකම් කියන මහජන බැංකුව විශිෂ්ට ඩිජිටල් බැංකුකරණ සේවා සැපයුම්කරුවෙකු බවටද පත්ව සිටී.

Rate this item
(0 votes)
Last modified on Monday, 12 October 2020 16:45