April 25, 2024

මහජන බැංකුව විසින් ETI, ද ෆිනෑන්ස් සහ ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විසර්ස් තැන්පත්කරුවන්ට රක්ෂණ වන්දි ගෙවීමේ කටයුතු සාර්ථකව සිදුකරයි

  • ජූලි මස 27 වන දින වන විට ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන් 49608ක් වෙනුවෙන් ගෙවා ඇති රක්ෂණ වන්දි මුදල රුපියල් මිලියන 7241යි
  • ETI ආයතනයේ තැන්පත්කරුවන් 4314 වෙනුවෙන් ගෙවා ඇති රක්ෂණ වන්දි මුදල රුපියල් මිලියන 1712යි
  • ස්වර්ණ මහල් මුල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 292ක් වෙනුවෙන් ගෙවා ඇති රක්ෂණ වන්දි මුදල රුපියල් මිලියන 117යි

 

මෙරට ප්‍රමුඛම මූල්‍ය ආයතනයක් වන මහජන බැංකුව, ශ්‍රීලංකාවේ වැඩිම ගනුදෙනුකාර පිරිසක් සහිත ශ්‍රීලාංකිකයන් වැඩි පිරිසක් විශ්වාසය කරන ශක්තිමත් සහ විශාල ශාඛා ජාලයකින් සමන්විත රාජ්‍ය හිමිකාරීත්වය හිමි දැවැන්ත මුල්‍ය ආයතනයකි.

 

මහජන බැංකුවට සිය ජනතා මෙහෙවර ඉදිරියටත් අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව හ ඳුනාගත් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් රජයේ නියෝජිත බැංකුවක් ලෙස මහජන බැංකුව පත් කිරීමත් සමඟම ETI, ද ෆිනෑන්ස් සහ ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විසස් යන ආයතනවල තැන්පත්කරුවන් වෙනුවෙන් රක්ෂණ වන්දි ගෙවීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලදී. මහ බැංකුව විසින් සිය පාලනය යටතේ සෑම බැංකුවකම සිටින තැන්පතුකරුවන්ගේ මුල්‍ය ආරක්ෂාව වෙනුවෙන් රක්ෂණ අරමුදලක් පිහිටුවා ඇත. ඒ සඳහා සෑම බැංකුවක්ම විසින්ම තම මුදල් තැන්පතු ප‍්‍රමාණයෙන් 0.1% ක් මෙම රක්ෂණ අරමුදලේ දායකත්වය වෙනුවෙන් සපයයි. ඒ අනුව, මෙම රක්ෂණ අරමුදල සඳහා විශාල අරමුදල් ප‍්‍රමාණයක් එක්රැුස් වී තිබේ. යම්කිසි තැන්පත්කරුවෙකුගේ මුදල් හානියට පත්වූ විට එක් අයෙකුට උපරිමය රු.600000ක මුදල් ප‍්‍රමාණයක් වන පරිදි මෙම අරමුදලින් මුදල් ලබාදීම සිදුකරයි. ඒ අනුව, ද ෆිනෑන්ස්හි ගෙවීම් 2020.06.02 දින සිටද ETI ගෙවීම් 2020.07.25 දින සිට ද , ස්වර්ණමහල් ෆිනෑන්ස් සර්විසස් හි ගෙවීම් 2020.07.25 දින ආදී ලෙස පිළිවෙලින් ගෙවීම් ආරම්භ කරන ලදී. මුල් කාලීනව අදාළ තැන්පත්කරුවන් වෙත වන්දි මුදල් ලබාදෙන ආකාරයට අනුව මහජන බැංකුව වෙත මුදල් ලබාදීම ශ‍්‍රී ලංකා මහබැංකුව විසින් සිදුකරනු ලැබූවද වර්තමානයේ මෙම වන්දි මුදලේ සමස්ත අගය වන රුපියල් මිලියන 20000ක මුදල් ප‍්‍රමාණය මහජන බැංකුව වෙත ලබාදීමට කටයුතු කරතිබේ. ඒ අනුව, ක‍්‍රමවත් වැඩ පිළිවෙලකට අනුකූලව සියලූම රක්ෂණ වන්දි මුදල් අදාළ තැන්පත්කරුවන් වෙනුවෙන් සිදුකිරීමට මහජන බැංකුව මේ වනවිට කටයුතු යොදා ඇත. මෙම කාලසීමාව තුළ මෙතෙක් පීඩාවට පත්ව සිටි එම ආයතන වල තැන්පත්කරුවන් වෙනුවෙන් මූලික අදියරේ රක්ෂණ වන්දි ගෙවීම් මහජන බැංකුවේ දිවයින පුරා පිහිටි ශාඛා ජාලය තුළින් මේ වනවිට ලබාදීම සිදුකරයි. පසුගිය ජූලි මස 27 වන දිනට මෙම තැන්පත්කරුවන් වෙනුවෙන් සිදුකළ ගෙවීම් පහත පරිදි වේ.

 

ද ෆිනෑන්ස්  සමාගමේ තැන්පත්කරුවන් 49608ක් වෙනුවෙන් රුපියල් මිලියන 7241ක රක්ෂණ වන්දි මුදලක් ගෙවා ඇත. ETI ආයතනයේ තැන්පත්කරුවන් 4314 වෙනුවෙන් රුපියල් මිලියන 1712ක රක්ෂණ වන්දි මුදලක් මේ වන විට ගෙවා ඇත. ස්වර්ණ මහල් මුල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 292ක් වෙනුවෙන් රුපියල් මිලියන 117 රක්ෂණ වන්දි මුදලක් ගෙවා ඇති අතර දිවයින පුරා පිහිටි මහජන බැංකු ශාඛා ජාලය මගින් මෙම ගෙවීම සිදු කරනු තිබේ.

රජයේ බැංකුවක් ලෙස සැමදා රටේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින මහජන බැංකුව අසරණභාවයට පත්වුණු මෙම තැන්පතුකරුවන් වෙනුවෙන් ද පෙනී සිටිමින් ඉහත රක්ෂණ වන්දි ගෙවීමේ ක‍්‍රියාවලිය මනා විනිවිදභාවයකින් සහ විශ්වාසනීයභාවයකින් යුතුව ඉදිරියට ක‍්‍රියාත්මක කර තිබේ. නමුත්,  ඇතැම්  කණ්ඩායම් ඉදිරියේදී  පැවැත්වෙන මහ මැතිවරණය ඉලක්ක කරගෙන සිය පටු දේශපාලනික අරමුණු ඉටුකරගැනීමේ වුවමනාවෙන් සමාජ ජාලය භාවිතා කරමින් මහජන බැංකුවටත්, රජයටත් අපහාස වන අයුරින් යම් යම් සාවද්‍ය පෝස්ට් ප‍්‍රචාරය කිරීමට පටන්ගෙන ඇත.

 ඉහත ආයතන වල රක්ෂණ වන්දි ගෙවීම් පිළිබඳ අසත්‍ය පුවත් පතුරවමින් පොදු ජනතාව වෙත වැරදි චිත‍්‍රයක් නිර්මාණය කිරීමට වෙහෙසෙන එවන් කණ්ඩායම්වල පටු අපේක්ෂාවන් දුරළා ජනතාවට සත්‍ය වටහා දීම ජනතාවගේ බැංකුව ලෙස මහජන බැංකුවේ කාර්යභාරයයි. ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් වින්දිතයන්ට මුදල් ගෙවීම සඳහා රජයේ නියෝජිත බැංකුව ලෙස පත්කර ඇති මහජන බැංකුවේ සියලූ කාර්ය මණ්ඩලය මෙම කාර්යභාරය මනාව ඉටුකිරීම උදෙසා සිය අපරිමිත දායකත්වය ලබාදෙන අතර අධ්‍යක්ෂක මණ්ඩලය වඩාත් විශ්වාසනීය ලෙස මේ කාර්යය පවත්වාගෙන යාමට නායකත්වය ලබාදෙයි.

රට තුළ කොවිඞ්-19 වසංගත තත්ත්වය තවම පහව ගොස් නැති නිසාත්, එකතැනකට විශාල පිරිසක් එක්රොක්වීම විශාල අවදානම් තත්ත්වයක් නිසාත්, අවදානමකින් තොරව නිසි සෞඛ්‍ය ක‍්‍රමවේදයන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අදාළ සියලූ තැන්පත්කරුවන් වෙත බැංකුව වෙත පැමිණීම සඳහා වෙන්කළ කාලය ලබාදී තිබේ. සිය සාමාන්‍ය බැංකු සේවා කටයුතු අතරතුරම මේ වන්දි ගෙවීමේ කටයුතු සිදුකළ යුතු බැවින් බැංකුවට පැමිණෙන අනෙක් සේවා දායකයන්ගේ ද ආරක්ෂාවේ වගකීම අප වෙත පැවරී තිබේ. මෙම සම්පූර්ණ වන්දි මුදල් ගෙවීම් වෙනුවෙන් අවශ්‍ය අරමුදල් රක්ෂණ වන්දි භාරය හරහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් අප වෙත වෙන්කර තිබෙන නිසා මැතිවරණයක් තිබුණ ද නොතිබුණ ද කියා වෙනසක් නැතිව අදාළ වෙන්කළ කාල සීමාවන්ට අනූව සියලූ වන්දි හිමිකරුවන් වෙනුවෙන් හිමි මුදල් ලබාදීම නිසැකවම සිදුවේ. තවද කිසිදු භේදයක් නොසළකා පූර්වයේ සිටම අදාළ වන්දි මුදල් හිමිකරුවන් වෙත ලබාදී ඇති නිසා ජනතාවගේ විශ්වාසය දිනූ බැංකුවක් නිසා සියලූ ජනතාවට සමානව සැලකීම බැංකුවේ අරමුණ නිසාත් දැනට ඇති අවදානම් තත්ත්වය නිසා සෞඛ්‍යාරක්ෂාව වැදගත් නිසාත් බැංකුව විසින් කාල සීමා ලබාදීමේ ක‍්‍රමවේදයට ගොස් තිබේ. එපමණකින් නොනැවතී වෙහෙස මහන්සි වී බැංකුව වෙත එන ඒ ජනතාවට වඩාත් මානූෂීයව සැළකීම අපේ හදවතේ ඇති නිසා පැමිණි සියලූ ජනතාව වෙනුවෙන් පුංචි ඉඩකඩක් වෙන්කර සංග‍්‍රහයක් සංවිධානය කිරීමට මහජන බැංකුව කටයුතු කර තිබේ. එහිදී බොහෝ ශාඛාවන්හි සිසිල් බීම, කෙටි කෑමක් සහ සුවපහසු අසුන් පනවා අදාළ වන්දි මුදල් ලබාගැනීමට එන තැන්පත්කරුවන්ට ඉක්මන් සේවාවක් ලබාදීමට බැංකුව ඉදිරිපත් වී තිබේ.

දැනුවත්ව හෝ නොදැනුවත්ව විශ්වාසනීයත්වයක් නැති සහ වගකීම් රහිත මුල්‍ය ආයතන සමඟ මුල්‍ය ගනුදෙනු සිදුකරමින් එකවරක් අපහසුතාවයට පත්වී සිටින මේ තැන්පත්කරුවන්ට නැවත වරක් එවන් කරදයක් සිදුනොවීමට වගබලා ගැනීම රටට වගකියන බැංකුවක් ලෙස අපේ වගකීමයි. විශාල මුදලක් එකවර ලැබීමත්, එම මුදල් ප‍්‍රමාණය කිසිදු ආරක්ෂාවක් නොමැතිව එහා මෙහා ගෙන යාම නිසා මඟතොටේ දී නැතිවීමට ඇති ඉඩකඩත්, මුල්‍ය පරිපාලනයේ දුර්වලකම් නිසා මුදල් නාස්තිය අවම කිරීමටත්, සියලූ දෙනාට විශ්වාසනීය මුල්‍ය ආයතනයක් තුළින් ඉහළ මුල්‍ය කළමනාකරණය පිළිබඳ අධ්‍යාපනික දැනුමක් ලබාදීමේ අරමුණින් අප ආයතනයේ ගිණුමක් හරහා මෙම මුදල් ලබාදීම සිදුකරයි. මේනිසා ඔවුන්ට විවිධ ප‍්‍රතිලාභ රැුසක් හිමිවන අතර විශ්වාසනීය මුල්‍ය හැකියාවන්ගෙන් පිරි ශක්තිමත් මුල්‍ය ආයතනයක සාඩම්බර කොටස්කරුවෙක් වීමට අවස්ථාව හිමිවේ. තවද බද්ධ ගිණුම් හිමිව තිබුණු සියලූ තැන්පත්කරුවන්ට තමන්ට අදාළ වන්දි මුදල් ලබාගැනීම වෙනුවෙන් බැංකුව වෙත පැමිණිය යුතුබව අප විසින් දන්වා තිබේ. එය රටේ මුල්‍ය නීතියට එක`ගව කළ ඉල්ලීමක් වන අතර, දෙදෙනෙක් එකතුවී පවත්වාගෙන ගිය ගිණුමක් නිසාත් එම ගිණුමේ අයිතිය දෙදෙනාටම සමසමව හිමි නිසාත් මෙම ඉල්ලීම කිරීම සාධාරණබව අප විශ්වාස කරයි. එයින් වඩාත් විනිවිදභාවයකින් යුතුව සහ දෙදෙනා ඉදිරි පිටම තමන්ට හිමි වන්දි මුදල පිරිනැමෙන නිසා ඉදිරියට කිසිදු ගැටලූකාරී තත්ත්වයක් ඇති නොවන බව අපේ විශ්වාසය වන අතර මේ හරහා කිසිකෙනෙකුන්ව අපහසුතාවට පත්වීම අවම කිරීම අපේ අරමුණයි. 

මූලිකව මෙම රක්ෂණ වන්දි ගෙවීම රටපුරා විසිරී ඇති මහජන බැංකු ශාඛා 63ක් හරහා ආරම්භ කරන ලද අතර පසුව එම සංඛ්‍යාව ප‍්‍රමාණවත් නොවීම නිසා දිවයිනේ සෑම මහජන බැංකු ශාඛාවකින්ම ගෙවීම් සිදුකරනු ලැබේ. මේ වන්දි ගෙවීම් ක‍්‍රියාවලිය පිළිබඳ අසත්‍ය පුවත් සමාජ ගත කරන කණ්ඩායම් වෙත ලබාදිය හැකි පිළිතුර වන්නේ මහජන බැංකුව විසින් මෙම රක්ෂණ වන්දි ගෙවීම සිදු කරන්නේ මිලියන ගණනක්වන එහි දෛනික ගණුදෙනුකාර භවතුන්ගේ මුල්‍ය අවශ්‍යතා ද ඉටුකරන අතරතුරය. මහජන බැංකුවේ දෛනික ගනුදෙනුකාර භවතුන්ගේ සේවාවන්ට බාධාවක් සිදු නොවන පරිදි දිනකට වෙන්කළ වන්දි හිමිකරුවන් පිරිසකට ලබාදුන් දිනයක් සහ වෙන් කරගත් වෙලාවක දී මෙම රක්ෂණ වන්දි ගෙවීම ක‍්‍රමානුකූලව සිදුවෙමින් පවතී.

මේ වන්දි ගෙවීමේ ක‍්‍රියාවලිය පිළිබඳ සමාජ ජාල හරහා නොයෙකුත් අසත්‍ය ප‍්‍රචාරයක් සිදුවෙමින් පවතින අතර අනවශ්‍ය ලිපි ලේඛන රැුස්කිරීම, අයදුම්පත් ඉංග‍්‍රීසි භාෂාවෙන් පමණක් සිදුකිරීම සහ බද්ධ ගිණුම් තැන්පත්කරුවන්ට අදාළ වන්දි ගැනීම ස`දහා බැංකුව පැමිණීමට සිදුවීම ආදී ලෙස වැරදි අර්ථ නිරූපණයක් සිදුකරමින් ප‍්‍රචාරයවන මේ කාරණා සියල්ල සාවද්‍යබව අපට ඉතා වගකීමෙන් කිවහැක. වැඩිම ගනුදෙනු කරුවන් සංඛ්‍යාවක් සිටින, රටේ විශාලතම ශාඛා ජාලයක් තිබෙන, රටේ විශාල මුල්‍ය සංචිත ප‍්‍රමාණයක් තිබෙන, දෙස් විදෙස් පිළිගත් ගෞරව සම්මානයට පාත‍්‍ර වූ මහජන බැංකුව සැමදා සුපුරුදු පරිදි ජනතාවගේ පැත්තේ සිටගනිමින් ඔවුන්ට උපරිම ප‍්‍රතිලාභයක් ලබාදීමට කැපවේ. කිසිදා ජනතා විශ්වාසය බි`ද නොගත් මහජන බැංකුවට ඇති ප‍්‍රධානම ශක්තිය අපව විශ්වාස කරන ජනතාවයි. අදටත් හෙටටත් ඒ විශ්වාසය ආරක්ෂා කරමින් රට මූල්‍ය ශක්තියෙන් පිරිපුන් සෞභාග්‍යමත් දේශයක් කරා රැුගෙනයාමට මහජන බැංකුව නොපිරිහෙළා සිය දායකත්වය ලබාදෙයි. මහජන බැංකුව ලබන ලාභයෙන් හැම රුපියලක්ම බැරවෙන්නේ මහා භාණ්ඩාගාරය වෙතයි. රජය විසින් නිදහස් අධ්‍යාපනයට, සෞඛ්‍ය සේවයට, මහාමාර්ග සහ යටිතල පහසුකම් සංවර්ධනය ආදි සංවර්ධනය ස`දහා යොදවන්නේ එසේ මහා භාණ්ඩාගාරය සතු මුදල්ය. ඒ නිසා ඔබ මහජන බැංකුව සමඟ ගනුදෙනුකිරීම යනු අනියමින් රටේ සංවර්ධනයටද දායක වීමකි. එමෙන්ම හුදු පටු අරමුණු වලින් තොරව සමස්ත රටේ ජනතාවටම එකලෙස සේවය කිරීමට කැපවෙන මහජන බැංකුව රටේ ජනතාවට දුකක් කරදරයක් ඇතිවුණු සෑම මොහොතකම ඉදිරියට පැමිණ තිබේ. එය දිවයිනේ විශාලතම ගනුදෙනුකාර භවතුන් පිරිසක් සිටින බැංකුව බවට පත්වීම තුළින් මනාව පිළිබිඹු වන අතර මහජනතාවගේ බැංකුව ලෙස මහජන බැංකුව සැමදා ඔබ වෙනුවෙන් කැපවීමට සැදී පැහැදී සිටී.

Rate this item
(1 Vote)
Last modified on Monday, 12 October 2020 16:50