February 10, 2025

මහජන බැංකුවේ 59 සංවත්සරය වෙනුවෙන් අස්වැන්න, වනිතා සවිය හා සෞභාග්‍යා ණය පහසුකම් පිරිනැමේ

මහජන බැංකුවේ 59 වැනි සංවත්සරය ජුලි මස 01 වැනිදාට යෙදි තිබිණි. ඒ නිමිත්තෙන් රජයේ සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව අස්වැන්න සහ කොවිඞ් 19 "සෞභාග්‍යා ණය" පහසුකම් 59 බැගින් පිරිනැමීම පසුගියදා මහජන බැංකුවේ මරඳගහමුල ශාඛාවේදි එහි සභාපති සුජිව රාජපක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

මීට අමතරව කාන්තා ව්‍යවසායිකාවන් බලගැන්වීමේ අරමුණින් මහජන බැංකුව හඳුන්වා දී ඇති වනිතා සවිය ණය පහසුකම්ද මෙදින ගනුදෙනුකාරිනියන් වෙත පිරිනැමිණිග එමෙන්ම මහජන බැංකුව හා එක්වූ නව ව්‍යවසායකයින් දෙදෙනෙකුගේ අස්වැන්න ගිණුම සඳහා මුදල් තැන්පතු භාර ගැනීම හා ණය අයදුම්පත් භාරගැනීමද සිදුවිය.

මෙම ණය පහසුකම් ප්‍රදානය කළ මහජන බැංකුවේ මරඳගහමුල ශාඛා පරිශ්‍රය තුළ මහජන බැංකුවේ අස්වැන්න ගිණුම හා බැඳුනු කෘෂිකාර්මික පසුතලයක් නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වියග රජයේ සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව යළි ස්වයංපෝෂිත රටක් බිහිකිරීමේ සරු බලාපොරොත්තු වෙනුවෙන් මහජන බැංකුව හඳුන්වා දී ඇති අස්වැන්න ණය යෝජනා ක්‍රමය මුල්වරට දියත් කළේද මරඳගහමුල ශාඛාවට අයත් දූනගහ ප්‍රදේශයේදීය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ව්‍යවසායකත්ව බැංකු කටයුතු) ක්‍රිෂානි නාරංගොඩ, සහකාර සාමාන්‍යාධිකාරිනි (සංවර්ධන මූල්‍ය) යූ.එස් ගර්ටි, සහකාර සාමාන්‍යාධිකාරි (සුඵ හා මධ්‍ය පරිමාණ) වික්‍රම නාරායන, සහකාර සාමාන්‍යාධිකාරි (අලෙවිකරණ) ඒ.යූ.ඒ අන්සාර්, ගම්පහ ප්‍රාදේශිය කළමනාකාර නලින් පතිරගේ, සහකාර ප්‍රාදේශිය කළමනාකාර කළමනාකරවරුන්, මරඳගහමුල ශාඛා කළමනාකාරිනි ජී. එම්කාංචනා ජයවීර, දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් යූගඩබ්ලිව් තනූජා උපේක්ෂා රාජකරුණා, දිවුලපිටිය ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.පී.එස් ප්‍රියන්ත යන මහත්ම මහත්මීන් ඇතුඵ රාජ්‍ය නිලධාරින්, ගොවි සමිති නිලධාරින් ඇතුඵ පිරිසක් සහභාගි විය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2020 13:19
© 2021 Asian Mirror (Pvt) Ltd | 193/1 Weerasekara Mw, Divulpitiya, Boralesgamuwa | Email : [email protected] | Phone : +94 112 814 449