March 28, 2024

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නැංවීම සඳහා 6% ක පොලියට ණය ලබාදීමට මහජන බැංකුවෙන් රුපියල් බිලියන15 ක් වෙන්කරයි

කොවිඞ්-19 වසංගතයෙන් බලපෑමට ලක්වූ සුඵ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් නඟා සිටුවීමේ රජයේ වැඩපිළිවෙලට අනුව මහජන බැංකුව 6% ක පොලි අනුපාතය යටතේ සුවිශේෂ ණය පහසුකමක් හඳුන්වා දි තිබේ. මේ සඳහා මහජන බැංකුව රුපියල් බිලියන 15ක් වෙන්කිරීම විශේෂත්වයකි.

කොවිඞ්-19 වසංගතය ව්‍යාප්තවීමෙන් ඇතිවූ අනපේක්ෂිත බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි තර්ජනයක් එල්ල වී ඇත. එසේම මෙම මාරාන්තික වෛරසයේ ව්‍යාප්තිය මර්දනය උදෙසා 2020 මාර්තු 16වැනිදා සිට මුළු රටම වසාදැමීමේ(Lockdown) ක්‍රියාවලියකට අවතීර්ණ වීම හේතුවෙන් රටේ ආර්ථික ගමන යම් අඩාල වීමක් සිදුවිණි. මේ නිසා කෘෂිකාර්මික, ධීවර, නිෂ්පාදන කර්මාන්තල පශු සම්පත්, ඉදිකිරීම්, වෙනත් බෝග වගාවන් ඇතුළු ක්ෂුද්‍ර, සුළු සහ මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ තවත් බොහෝ ක්ෂේත්‍රයන් දැඩි බලපෑමකට ලක්විය.

මෙවන් අනපේක්ෂිත තත්ත්වයක දී බලපෑමට ලක්වූ සියලු ක්ෂේත්‍රවල වේගවත් ආර්ථික පුනරාගමනයක් වෙනුවෙන් ඔවුන්ට අවශ්‍ය මුල්‍ය විසඳුම් ඉදිරිපත්කර අදාළ සහය ලබාදීමේ වගකීම සිය උර මතට ගැනීමට මහජන බැංකුව ඉදිරිපත් විය. වත්මන් රජයේ පැහැදිලි මාර්ගෝපදේශනය සහ නිවැරදි නිර්දේශයන් අනූව යමින් දැඩි බලපෑමකට ලක්වූ ක්ෂේත්‍ර ගණනාවකට මුල්‍ය දිරියක් වීම සඳහා බොහෝ ණය පහසුකම් වලට තනි ඉලක්කමේ විශේෂ පොලි අනුපාතයක් සහිත නව ණය සැලසුම් රැසක් හඳුන්වා දීමට මහජන බැංකුවේ සභාපතිතුමා ඇතුඵ අධ්‍යක්ෂක මණ්ඩලය, ප්‍රධාන විධායක නිලධාරිතුමා සහ කළමනාකාරීත්වයේ ප්‍රධානත්වයෙන් සියලු කටයුතු සම්පාදනය කර තිබේ.

මෙම වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) "සෞභාග්‍ය කොවිඞ් 19" ප්‍රධාන මූල්‍ය ණය යෝජනා ක්‍රමයට සමගාමීව ව්‍යවසායකයින්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීමට මහජන බැංකුව මෙම ණය යෝජනා ක්‍රමය දියත් කර ඇත.

නිෂ්පාදන කර්මාන්ත, කෘෂිකර්මාන්ත, කුඩා ව්‍යාපාර, තොරතුරු තාක්ෂණ, සංචාරක කර්මාන්ත, තේ, කාර්ය සාධන පහසුකම් (Logistic) ව්‍යාපාර මෙම ණය මුදල ලබාගැනීම සඳහා සුදුසුකම් ලබයි. උපරිම මිලියන 10 දක්වා උපරිම වසර තුනක ආපසු ගෙවීමේ කාලයකට යටත්ව මෙම ණය මුදල පිරිනමයි.

ශාඛා 737 කින් සුසැදි දිවයින පුරා විසිරි සිය සේවා ජාලයේ ඕනෑම ශාඛාවක් හරහා මේ ණය සැලසුම් වලට අදාළ ණය මුදල් ප්‍රදානය කිරීමේ පහසුකම් සළසා දීමට මහජන බැංකුව කටයුත කර තිබේ. මේ පිළිබඳ වැඩි විස්තර ඔබේ ළඟම මහජන බැංකු ශාඛාවේ කළමනාකරු හමුවීමෙන් ලබාගත හැක.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 13 October 2020 13:23