April 24, 2024

මහජන බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී / සාමාන්‍යාධිකාරී ලෙස රංජිත් කොඩිතුවක්කු මහතා පත් වෙයි

මහජන බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ලෙස රංජිත් කොඩිතුවක්කු මහතා 2020 ජූනි මස 19 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර ඇතග මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (වාණිජ බැංකුකරණ සහ ඩිජිටල්කරණ) ලෙස කටයුතු කළ කොඩිතුවක්කු මහතා මෙම තනතුරට පත්වූයේ එතෙක් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ලෙස කටයුතු කළ බොනිෆස් සිල්වා මහතා විශ්‍රාම යාමෙන් අනතුරුවය.

දශක හතරකට ආසන්න කාලයක් මුඵල්ලේ පුඵල් පරාසයක පැතිරුණු ක්ෂේත්‍රයන් රැසක හසළ අත්දැකීම් රැසක් රංජිත් කොඩිතුවක්කු මහතා සතුව පවතී. ඔහුගේ අත්දැකීම් පුද්ගල කේන්ද්‍රිය  බැංකුකරණය, වාණිජ බැංකුකරණය, ආයතනික බැංකුකරණය, අක්වෙරළ බැංකුකරණය, ශාඛා බැංකුකරණය, ජාත්‍යන්තර බැංකුකරණය, ව්‍යාපෘති අරමුදල් සම්පාදනය, අයකිරීම් සහ ඩිජිටල්කරණය ආදි ක්ෂේත්‍රයන් රැසක් පුරා විහිදේ.

දේශීය හා ජාත්‍යන්තර පුහුණුව හා අත්දැකීම් සමගින් සහ විවිධ තත්වයන් යටතේ විවිධ මට්ටමින් කටයුතු කිරීම ඔස්සේ ලද පරිචය තුළින් ඔහුට බැංකුවේ වාණිජ බැංකුකරණ හා ඩිජිටල්කරණ මෙහෙයුම් ක්‍රියාවලිය වෙත විශිෂ්ට නායකත්වයක් ලබාදීමට හැකිවිය. විශේෂයෙන් මහජන බැංකුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතිය භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ලෙස ක්ෂේත්‍රයේ යහ ක්‍රියාකාරකම් ආදේශකරගනිමින් ව්‍යාපාරික අවශ්‍යතා ඩිජිටල් පදනමක් වෙත රැගෙන ඒමට සහ ව්‍යාපාර ක්‍රියාවලින් ප්‍රති සැකසුමට ලක්කිරීමට කිරීමට අවස්ථාව ලැබිණි. එමෙන්ම එම කාල සීමාව තුළදි ඒෂියන් මනීල ඒෂියන් බෑන්කර් වැනි සඟරා විසින් මහජන බැංකුවිශ්‍රී ලංකාවේ හොඳම ඩිජිටල් බැංකුව’ ලෙසට පිදුම් ලද අතරල ඩිජිටල්කරණ ක්‍රියාවලිය දෙස් විදෙස් ආයතන රැසක සම්භාවනාවට පාත්‍රවිය.

එමෙන්ම තිස්වසරක යුද්ධයෙන් අනතුරුව උතුරේ ජනජීවිතය නැවත ගොඩනඟා ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කිරිමේ අරමුණින් මහජන බැංකු ශාඛා නැවත ස්ථාපිත කිරිමේදි හා අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම වෙනුවෙන් මහජන බැංකුව සිය ස්වර්ණ ජයන්තියට සමගාමීව ඉදිකළ මඩු නිවාස ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහාද ඔහු සුවිශේෂි කාර්යභාරයක් ඉටුකළේය.

ඔහු පීපල්ස් ඉන්ෂුවරන්ස් පීඑල්සී, සී/ස ලංකා එලායන්ස් මූල්‍ය සමාගම(බංග්ලාදේශය), ප්‍රාදේශීය සංවර්ධන බැංකුවල සී/ස ලංකා මූල්‍ය ඔම්බුඞ්ස්මන් (ගරන්ටි) ලිමිටඞ්ල ශ්‍රී ලංකාවේ ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත්,  ශ්‍රී ලංකා මූල්‍ය සේවා කාර්යංශයේ විකල්ප අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කටයුතු කරයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන (මූල්‍ය - විශේෂ) උපාධිධරයෙකු වන රංජිත් කොඩිතුවක්කු මහතාල එක්සත් රාජධානියේ නිව් බර්කින්ග්හැම්ෂයර් විශ්වවිද්‍යාලයේ නීතිය පිළිබඳව ගෞරව උපාධිධාරියෙකු වේ. එමෙන්ම ඔහු ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයෙහි ආශ්‍රීත සාමාජිකයෙකි.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 13 October 2020 13:24